සන්ධානය යටතේ තරග කරන්න පක්ෂ 14 ක්

Published in පුවත්
Thursday, 28 May 2015 10:39

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළද, ඉදිරි මැතිවරණය සඳහා පෙර පරිදිම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂ 14 ක නායකයන් තීරණයකට පැමිණි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු අදාළ පක්ෂ නායකයන් 14 දෙනා එකතුව සාකච්ඡාවක් පැවැත්වූ බවද ඔහු පවසා සිටියේය.

මීට අමතරව අද (28) දිනයේදීද එම කණ්ඩායම එකතු වී සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එහිදී ඉදිරි මැතිවරණයේදී බිම් මට්ටමේ සිට සිදුකළ යුතු මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඇතුළු මැතිවරණයට වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳවද සාකච්ඡා පවත්වන බවත් ඔහු සඳහන් කරයි.

ඊයේ (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමේදී පක්ෂවලට ලැබිය යුතු අපේක්ෂක සංඛ්‍යාව කොතරම්ද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට පක්ෂ නායකයන්ට උපදෙස් ලබාදුන් බවයි.
මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයද මේ දිනවල සකස් කරමින් තිබෙන බව හෙතෙම තවදුරටත් පවසා සිටියේය.

අද

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us