මහාමාර්ග අංශයේ දූෂණ අල්ලන්න විමර්ශන ඒකකයක්

Published in පුවත්
Thursday, 28 May 2015 15:24

මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත් කිරීම සදහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්ත මහතා පැවසුවේය. අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

2011 සිට 2015 දක්වා කාල පරිච්ඡේදය තුළ රජය විසින් මහා මාර්ග අංශයට විශාල වශයෙන් අායෝජනය කිරීම් සිදු කර තිබෙන අතර එහිදී පරිපාලන,තාක්ෂණික,මූල්‍ය සහ අනෙකුත් ක්‍රියාපටිපාටිවල රජයට බරපතල අලාභ සිදුවිය හැකි අඩුපාඩු සිදුවී අැති දැයි නිශ්චය කිරීමටත්, සිදුවී අැත්නම් වගකිය යුත්තන් අනාවරණය කර ගැනීමටත් ඒ හරහා හැකි වන බවට කබීර් හෂීම් අමාත්‍යවරයා යෝජනා කර තිබුණි.

ඒ තුළින් අනාගතයේ වැනි වැරදි සිදුනොවීම පිණිස අදාල ක්‍රියාපටිපාටීන් වෙනස් කිරීම පිණිස සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහාත් මහාමාර්ග හා අායෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත්කිරීම පිණිස මහාමාර්ග හා අායේජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us