විස්සද විශ්වාසභංගයද ශ්‍රී ලනීපයේ කචල්

Published in පුවත්
Thursday, 28 May 2015 17:39

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීම සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කිරීම යන කරුණු දෙකින් ප‍්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමන කාරණයටද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ මත ගැටුමක් ඇති වී තිබේ.

මේ අතරින් මූලිකත්වය ලබාදෙන්නේ කුමන කරුණකටද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමෙන් විමසීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති අතර, එහිදී මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය ගන්නා තීරණය අවසාන තීරණය වනු ඇතැයි ශ‍්‍රී ලනිප ඉහළ පෙළේ ආරංචි මාර්ග ස`දහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට මූලිකත්වය ලබාදීමට තීරණය කළහොත් එක්සත් ජාතික පක්ෂයටද ඊට සහාය දීමට සිදු වන බව පෙන්වා දෙන අදාළ ආරංචි මාර්ග, වැඩිදුරටත් සදහන් කරන්නේ ජනාධිපතිවරයාද විසිවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නා බවයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු බවට තීරණය කළහොත්, විසිවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කරගැනීම ප‍්‍රමාද වන බවත්, එවිට ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ ආකාරයට මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සැලකිය යුතු කාලයකින් කල් යනු ඇති බවත් සදහන් කරන දේශපාලන විශ්ලේෂකයන්, වැඩිදුරටත් අවධාරණය කරන්නේ එවැනි තීන්දුවක් ආණ්ඩුවේ අනාගතයට අයහපත් ලෙස බලපානු ඇති බවයි.

Last modified on Thursday, 28 May 2015 17:42

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us