ලෝක ව්‍යවසායකත්ව දර්ශකයෙන් ලංකාව පෙරට

Published in පුවත්
Friday, 29 May 2015 12:53

ලෝක ව්‍යවසායකත්ව දර්ශකයේ 71 වන ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇත. ආසියානු-පැසිපික් කලාපයේ රටවල් අතර එය 11 වන ස්ථානය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 27 වනදා ව්‍යවසායකත්ව සම්මාන 2015 දියත් කිරීම සදහා කොළඹ රමාඩා හෝටලයේ පැවති උත්සවයකදී.

රටේ ආර්ථිකයට අති මහත් දායකත්වයක් දක්වන ව්‍යවසායකයින් මෙලෙස ඇගයීම ඉතා වැදගත් බවත් මෙවැනි වැදගත් ලෝක දර්ශක වල ඉදිරියට යාමට මෙවැනි ඇගයීම් ඉවහල් වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

එසේම ජාතික ආර්ථිකයට ව්‍යවසායකයින් ඉතා වැදගත් කාර්ය භාරයක් සිදුකරන බවත් රැකියා අවස්ථා ඇතිකරමින් ඵ් හරහා ආර්ථික සංවර්ධනයට අමතරව සමාජ සංවර්ධනයක්ද ඔවුන් විසින් කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ව්‍යවසාය සම්මාන උලෙළ මේ වසරේ දෙසැම්බර් 30 දා 20 වන වරට පැවැත්වීමට කටයුතු යොදා ඇත. කුඩා,මධ්‍ය, විශාල හා මහා පරිමාණ ලෙස අංශ 4කින් යුක්තව පැවැත්වෙන මෙම සම්මාන උලෙළේ මෙවර තේමාව “ව්‍යාපාර වීරයෝ” ලෙස හදුන්වා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us