පවිත්‍රා ඇමැතිකමෙන් අස්වූයේ හොර පතල් බේරා නොදුන් නිසා

Published in පුවත්
Saturday, 30 May 2015 07:09

හිටපු ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි ඇමති ධුරයෙන් ඉවත් වීමට හේතුවූයේ ඇයගේ අනවසර මැණික් පතල් කිහිපයක් වටලා එහි සේවකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා බව වාර්තා වේ.

පවිත‍්‍රා වන්නිආරච්චි හට නව රජයේ නියෝජ්‍ය ඇමතිධුරයක් ලැබුණේ පසුගිය මාර්තු 22 වැනිදාය. එදිනම ඇයගේ මැණික් පතල්වල වැඩ ආරම්භකර ඇත. පසුව අප‍්‍රියෙල් මස 29 වැනි දින ජනපතිවරයාගේ දැනුම් දීමකට අනුව සියලු නීති විරෝධී පතල් හෑරීම් නවතා දැමීමටත් දැනට එසේ පවත්වාගෙන යන පතල් වැටලීමටත් අවසර ලැබිණ.

ඒ අනුව පාතකඩ, දෙනවක ගඟේ වර්ග අඩි 2200ක පමණ විශාලත්වයකින් යුතු පවිත‍්‍රා වන්නි ආරච්චිට අයත් පතලක් ද වටලනු ලැබිණි. මෙම වැටලීම කහවත්ත විශේෂ කාර්ය බලකා සෙබලූන් කණ්ඩායමක් විසින් සිදුකර ඇති අතර එහි දී 24ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රු 5000ක බැගින් දඩ නියමකර ඇත. මේ සමඟම මැණික් ගැරීම් සිදුකරනු ලබන ශකර් යන්ත‍්‍රයක් ද අත්අඩංගුවට ගෙන ඇත. එම යන්ත‍්‍රය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට ගෙන ඇත. එහිදී ඇමතිවරිය විවිධ පරිශ‍්‍රමයන් දරා මෙම නීතිමය කටයුත්ත ගොඩින් බේරා ගැනීමට උත්සාහ කළ ද නොහැකි වී ඇත.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම කාරණය සම්බන්ධයෙන් තදින් ක‍්‍රියා කළේ නව රජයේ යහපාලන ප‍්‍රතිපත්තියේ පිහිටා බව අධිකාරිය පවසයි. මෙම කාරණය දුරදිග නොගොස් බේරා ගැනීමට ජනපතිවරයා දායක නොවීම මත පවිත‍්‍රා වන්නිආරච්චි සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූ බව වැඩිදුරටත් වාර්තා වේ.


lankaherald

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us