ශිරානිගේ පුතා, ශිරන්තිගේ පුතාට අම්මා ගැන කියල දෙයි

Published in පුවත්
Saturday, 30 May 2015 08:30

පසුගිය වසර දෙකහමාරක කාලය තුල තම පවුල මුහුණ දුන් අපහාස කිරීම්, හිරිහැර සහ තාඩන පීඩන හමුවේ තමන් මුහුණපෑ මානසික පීඩනය අද නාමල් රාජපක්ෂට තේරුම් ගොස් ඇත්දැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායකගේ පුතු වන ශවීන් බණ්ඩාරනායක ප‍්‍රශ්න කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ තමන්ගේ මව හා සොහොයුරන් පීඩාවට පත් නොකරන්නැයි ඉල්ලමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ෆේස් බුක්හී තබන ලද සටහනට පිළිතුරු ලෙසයි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී තම මව හා පියා අල්ලස් කොමිසමට ගෙන යමින් හිටපු ජනපති ඇතුලු පවුලේ සගයින් විසින් දැඩි පීඩාවට පත්කල බවයි ඔහු පෙන්වා දෙයි.

ඒ සමයේ අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව චෝදනා 14ක් ඇතුලත් දෝෂාභියෝගයක් ගෙන එමින් ධුරයෙන් පහ කරනු ලැබුවා. මේ මතබේදකාරී තීන්දුවට එරෙහිව දේශීයව මෙනේම ජාත්‍යන්තරවද විරෝධයක් මතුවිය.

පසුගියදා හිටපු ජනපති බිරිය සහ නාමල් රාජපක්ෂගේ මව වන ශිරන්ති රාජපක්ෂව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇතැයි වාර්තා විය.


දේශපානයට කිසිදු සම්බන්දයක් නොමැති තම මව, පියා, නැන්දා, මාමා පමණක් නොව තමන් පවා රාජපක්ෂ පාලන කාලය තුල දිගින් දිගටම පීඩාවට පත්කළ බව ශවීන් බණ්ඩාරනායක පවසයි. එසේම පසුගිය සමයේ රජයේ මාධ්‍ය පවා යොදාගනිමින් තම මව්පියන්ට අපහාස කළ විට තමන්ට දැනුණු හැඟීම් කවරක් වන්නට ඇත්දැයි විමසා බලන ලෙස ඔහු ඉල්ලා සිටියි. නාමල් රාජපක්ෂ තමන් වෙනුවෙන් සහයෝගය සහ අනුකම්පාව බලාපොරොත්තු වීමට පෙර අනිත් අයගේ දුකද තේරුම් ගතයුතු බව ලෙස ශවීන් බණ්ඩාරනායක පවසා තිබේ.

ශිරන්ති රාජපක්ෂ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය කැඳවීම පිළිබඳ නාමල් රාජපක්ෂ ෆේස් බුක්හී තබන ලද සටහන සහ ඊට පිළිතුරු ලෙස ශවීන් බණ්ඩාරනායක තබන ලස සටහන පහත දැක් වේ.

namal-facebook

 

namal-facebook2

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us