20 ගැන තීරණය රනිල්ම කියන්න ඕනා - නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

Published in පුවත්
Saturday, 30 May 2015 09:46

විසි වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂයේ නිල ස්‌ථාවරය එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ යුතු යෑයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

එසේ නොමැතිව පක්‍ෂයේ වෙන වෙන අය ලවා එක එක ප්‍රකාශ කළ යුතු නැති බවද හෙතෙම කියා සිටියේය.

20 වැනි සංශෝධනය සම්මත කිරීම වැළැක්‌වීමට කටයුතු කරන අනෙකුත් පක්‍ෂ අතහැර ප්‍රධාන පක්‍ෂ එක්‌ වී ජනතා අභිලාශවලට සාධාරණයක්‌ ඉටු කළ යුතු යෑයි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවැසීය.

මෙම සංශෝධනයට අකුල් හෙළන කිසිවකුට ජනතාව කිසිදා කිසිවිට සමාව නොදෙනු ඇති බවත් මින් පසු මෙවැනි සංශෝධන සම්මත කර ගැනීම සඳහා කිසිදා අවස්‌ථාවක්‌ උදා නොවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (29 වැනිදා) එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

(divaina)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us