20වන සංශෝධනය නිසා මුස්ලිම් නියෝජනය බාගෙකින් අඩු වෙනවා

Published in පුවත්
Saturday, 30 May 2015 12:48

අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ක්‍රියාවට නැඟුන හොත් මෙරට සුලුතර ප්‍රජාවන්ගේ පාර්ලිමේන්තු නියෝජනය බරපතල ලෙස දුර්වල විය හැකි යැයි මුස්ලිම් සිවිල් සංවිධාන හතරක් නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් කරති.

එයින් මෙරට මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව හරි අඩකින් පමණ පහත වැටෙන බව නිවේදනය මගින් දන්වා සිටී.

මෙම නිවේදනයට අත්සන් තබා ඇත්තේ සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගම් පෙරමුණ, ජාතික ශූරා කවුන්සිලය, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සහ මහනුවර සංසදය යන මුස්ලිම් සිවිල් සමාජ සංවිධානයන්ය.

නව මැතිවරණ ක්‍රමය මගින් සිංහල ජනයාට නිසි නියෝජනය ලැබිය යුතු බව සත්‍යය වූවත් දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන සංඛ්‍යාත්මක සුලුතර ප්‍රජාවන්ට ද එවැනිම සාධාරණ නියෝජනයක් ලබා දිය යුතු බව අවධාරනය කරයි.

යෝජිත 20වන සංශෝධනය යටතෙහි මුස්ලිම් ප්‍රජාව අද භුක්ති විඳින නියෝජනය එලෙසම පත්වාගෙන යාම සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත් මෙම සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අතර බහු ආසන 9ක් ඇති කරන ලෙස යෝජනාවක් ද වේ. එමෙන්ම මැතිවරණ ආසන යළි බෙදා වෙන්කිරීම සඳහා පත් කැරෙන කමිටුවට දෙමළ සහ මුස්ලිම් නියෝජනයන් ද අනිවාර්ය විය යුතු යැයි දක්වා ඇත.

කිසිසේත්ම තමන්ගේ වූ නියෝජනයක් ලබා ගත නොහැකි බර්ගර් සහ මැලේ ප්‍රජාවන් වෙනුවෙන් ද අවම නියෝජනයක් සහතික කළ යුතු යැයි ද එම නිවේදනය සඳහන් කිරීම විශේෂිත වූවකි.

මුස්ලිම් සිවිල් සංවිධාන හතරේ ඒකාබද්ධ නිවේදනයේ ඉංගිරිසි පිටපත පහතින් දැක්වේ

20A Our Common Appeal ENGLISH1 copy

20A Our Common Appeal ENGLISH2 copy

20A Our Common Appeal ENGLISH3 copy

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us