ශිෂ්‍ය ව්‍යාපාරය සහ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම යහපාලනයද?

Published in පුවත්
Saturday, 30 May 2015 13:39

වත්මන් රජය විසින් ශිෂ්‍ය ව්‍යාපාර සහ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් මේ නිසා ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට සාහසික පහරක් එල්ල වී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.

රජය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මර්දනය කිරීම සදහා දියත් කර ඇති වැඩපිළිවෙලේ කොටසක් ලෙස ඊයේ(29) දින කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වෙලගෙදර සුමනජෝති හිමියන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.මේ වනවිට මෙසේ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව පහක් දක්වා ඉහළ නැග ඇති බවත් සදහන් කර සිටී.

මෙසේ ශිෂ්‍යක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ හා ඔවුන්ට නඩුපැවරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන අතර පොළිස් නිලධාරීන් ලවා ශිෂ්‍යයින්ගේ දෙමාපියන් බියවද්දන බවද සදහන් කර ඇත.
යහපාලන ආණ්ඩුව පොළීසිය සහ නීතිය යොද‍ා ගෙන ශිෂ්‍ය අරගල පමණක් නොව ජනතා උද්ඝෝෂණ පවා මර්දනය කිරීම බලා සිටිය යුතු තත්වයක් නොවන බවද දක්වා ඇත.

රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ මහජනයාගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් කප්පාදුව වෙත එල්ලවූ ජනතා විරෝධය දඩමීමා කර ගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ට පහර ගැසීම දිගටම කර ගෙන යාම බලවත් සමාජ විරෝධයක් ඇති විය යුතු තත්වයක් බව ප්‍රකාශ කර ඇත.

එම මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න

1

2

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us