මහින්ද පාර්ශවයෙන් ආවොත් 20 ට එජාප සහාය නෑ - කබීර් හෂීම්

Published in පුවත්
Tuesday, 02 June 2015 08:50

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවැනි (20) සංශෝධනය මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වයෙන් ගෙන එන්නේ නම් ඊට කිසිලෙසකින්වත් එක්‌සත් ජාතික පක්‌ෂයේ සහයෝගය ලබා නොදෙන බව එම පක්‌ෂයේ මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

විසිවැනි සංශෝධනය යටතේ පවතින ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව ප්‍රථමයෙන් කතා කළේත් එවැනි සංශෝධනයක්‌ සකස්‌ කළෙත් එක්‌සත් ජාතික පක්‌ෂය බව පවසන හෙතෙම එය තවදුරටත් සංශෝධනය කරමින් ගෙන එනවා වෙනුවට මහින්ද පාර්ශ්වයේ කඩාකප්පල්කාරීන් පිරිසක්‌ කල් මැරීමේ උපායක නිරතව සිටින බවට චෝදනා කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට කැපවූ සියලු පාර්ශ්ව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් කැප වී ක්‍රියා කළ බවත් ඒ අනුව සකස්‌ කළ සංශෝධනය පැත්තකට තල්ලු කර මහින්දවාදීන්ගේ බලපෑම මත ගෙන එන ව්‍යවස්‌ථා සංශෝධනයට කිසි ලෙසකින්වත් සියෂක්‌ෂයේ සහයෝගය නොලැබෙන බවත් මහලේකම්වරයා පැවැසීය.

ජනාධිපති අගමැති සහ අනෙකුත් පාර්ශ්වයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර සකස්‌ කරන ලද 20 වැනි සංශෝධනයේ අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැන ජනාධිපතිවරයා සමග ඕනෑම වෙලාවක සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට සිය පක්‌ෂ සූදානම් නමුත් නොකෙරෙන හේතු ඉදිරිපත් කරමින් මැතිවරණයට මුහුණ දීමට බියෙන් කල්මැරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන පාර්ශ්වයන්ගේ අතකොළු බවට පත්වීමට එජාපය සූදානම් නොමැති බවද ඔහු පැවසීය.

විශ්වාසභංග ගෙන එන බව පවසමින් මහින්ද රාජපක්‌ෂ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ජනතාව නොමඟ යෑවීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් සිටින බව පැවැසූ කබීර් හෂිම් මහතා හැකිනම් විශ්වාසභංග ගෙනවිත් ඡන්ද විමසුමකට එන ලෙස සිය පක්‌ෂය ඔවුන්ට අභියෝග කර සිටින බව වැඩිදුරටත් අවධාරණය කළේය.

දිවයින

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us