ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අයගේ අපේක්ෂා ඉටු කිරීමට සූදානම් නෑ - රවී

Published in පුවත්
Tuesday, 02 June 2015 09:15

වසර 12කට අධික කාලයක් තිස්සේ පීඩාවට පත්ව අපේක්ෂාභංගත්වයෙන් සිටි ජනතාව නව පාලනයක් පත් කර ගෙන ඇති මොහොතේ ඇතැමුන් විපක්ෂයෙන් සිට තව දුරටත් ජනතාවට එරෙහිව කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. නිවේදනයක් මගින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂයේ ඇතැමුන් පටු දේශපාලන වාසි වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට කිසිදු ජනතා සහයක් නොමැති බවයි.

එබැවින් රටේ මුදල් අමාත්‍යවරයා ලෙස තමන් ඉටු කළ යුත්තේ ජනවාරි මස 8 වැනි දා යහපාලනය වෙනුවෙන් ජනතාව තැබූ බලාපොරොත්තු මිස, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූවන්ගේ අපේක්ෂාවන් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය කාලය ජනතාව ගත කළේ දැඩි පීඩනයකින් බවත් ඔවුන්ට ආර්ථික නිදහස පමණක් නොව ජීවත් වීමේ නිදහස ද අහිමි තිබූ අතර දුප්පත් ජනතාවට නැගීසිටීම සඳහා ගොඩනගා තිබූ බැංකුවලින් ණයක් ලබා ගැනීමට හැකි වූයේ රාජපක්ෂ පාලනයේ හිතවතුන්ට පමණක් බව සදහන් කරයි. ඔවුන් කෙතරම් ජනතාවගේ ආර්ථික තත්ත්වය හෑල්ලුවට ලක් කළා ද කිවහොත් මසක් ජීවත් වෙන්නට රුපියල් 2,500ක් ඇතැයි අද ආණ්ඩුව විවේචනය කරන අය එදා පැවසූ බවද සදහන් කරයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූවිට ඔවුන් අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ ඊට හේතුව ආණ්ඩුවේ නොහැකියාව බව පවසමිනි. එහෙත් එදා ආණ්ඩුවේ හෙන්චයියන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා වැනි රාජ්‍ය තාන්ත්‍රිකයකුට තමන් ඉදිරියේ පහර දෙන විට දී අද ආණ්ඩුවට චෝදනා කරන ඇතැමුන් කටයුතු කළ ආකාරය කිසිවකුටත් අමතක කළ නොහැකියි.

ජනවාරි 8 වැනි දා ජනතාව අවසන් කළේ එවැනි පාලනයකි. දැන් මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව ඉටු කරමින් සිටින්නේ ජනතාවගේ අපේක්ෂාවන් ය. එබැවින් රටේ ආර්ථිකයත් සමග කරන දේශපාලනය මෙම පරාජිතයන් දැන්වත් නවතා දැමිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි. රාජපක්ෂ හිතවාදීන් සුළුතරයක් අතට ගලාගෙන යමින් තිබූ මුදල් දුප්පත් ජනතාවගේ සාක්කුවට වැටෙන යුගය ආරම්භ කර තිබේ.

වසර 12ක කාලයක් පැවැති පාලනය ලබා නොදුන් සහන ක්ෂණිකව ලබා දීමට මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව පියවර ගැනීම හේතුවෙන් ඉදිරියේදී අත්වන නියත පරාජයට විපක්ෂය හේතු සොයමින් සිටින බවයි මුදල් අමාත්‍යවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Last modified on Tuesday, 02 June 2015 09:18

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us