විවාදයට සූදානම්, වඩාත් සුදුසු පුද්ගලයා හිටපු මුදල් අමාත්‍යවරයා - රවී

Published in පුවත්
Wednesday, 03 June 2015 09:41

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වීමට තමා සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂය වෙනුවෙන් ඊට හිටපු මුදල් අමාත්‍යවරයා සේම ජනාධිපතිවරයා ද වූ මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන්නේ නම් වඩාත් යෝජ්‍ය බවයි.

එහෙත් රාජපක්ෂ මහතාට ජනතාව හමුවේ එවැනි විවාදයකට සහභාගී වීමේ සැකයක් හෝ අර්බුදයක් හෝ ඇත්නම් පැවැති ආණ්ඩුවේ ආර්ථිකයට අදාළ කිසිදු වගකිව යුතු අමාත්‍ය ධුරයක් නොදැරූ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සමග වුව විවාද කිරීමේ ගැටලුවක් නැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තොටළග ප්‍රදේශයේ නිවාස අහිමි වීමට යන පවුල්වල සාමාජියන් පිරිසක් සමග පැවැති හමුවකින් අනතුරුව පැවැති ජනහමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ වසර 12ක් තිස්සේ ආණ්ඩුවේ හිතවතුන්ට පමණක් ලැබුණ ආර්ථික ප්‍රතිලාභ මේ වන විට සියලු ජනතාව වෙත ගලා යමින් තිබෙන බවයි.

පැවැති කොල්ලකාරී ආර්ථික රටාව සම්පූර්ණයෙන් වෙනස් කර ආණ්ඩුව ජනතාවාදී ආර්ථිකයක් නිර්මාණය කරමින් සිටින මොහොතේ ඊට අකුල් හෙළීම ඇතැමුන් සිය දේශපාලනය බවට පත් කරගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනවාරි මස 8 වැනි දා ජනතාව හමුවේ ප්‍රතික්ෂේප වූවන් මේ මොහොතේ කළ යුත්තේ ජන මතයට හිස නමමින් ආණ්ඩුවේ කටයුතුවලට බාධා නොකර සිටීම බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එහෙත් ජනතා මුදලින් තමන් ගත කරමින් සිටි සුපිරී ජීවිත අහිමි වීමෙන් වියරු වැටී සිටින මෙම පරාජිත කණ්ඩායම අද විපක්ෂයේ සිට ජනතාවගේ ජීවත අවුලට ඇද දැමීමට කටයුතු කරමින් සිටිති.

වසර දොළහක් තිස්සේ රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත් කිරීමට කටයුතු කළා පමණක් නොව ආර්ථිකය එම තත්ත්වයෙන් මුදා ගන්නට වත්මන් ආණ්ඩුව කටයුතු කරන මොහොතේ ඊට ද අකුල් හෙළීම ද ඔවුන්ගේ අවශ්‍යතාව වී ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us