චුන්නාකම් ජල ප්‍රශ්නය පිළිබද නඩුව හෙට

Published in පුවත්
Wednesday, 03 June 2015 10:49

වලිකාමම් චුන්නාකම් ප්‍රදේශයේ උතුරු ජනනී විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්‍ර වීම නිසා සිදුවී ඇති පරිසර හානියට හා ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනයට සාධාරණයක් ඉටු කර ගැනීම අපේක්ෂා කරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් නඩුවක් පවරා ඇත.එම නඩුව මෙම මස 04 වන දින (හෙට) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වීමට නියමිතය.

යාපනය චුන්නාකම් විදුලි බලාගාරයෙන් වසර කිහිපයක් තිස්සේ දැවිතෙල් ලීටර හාරලක්ෂයක් පමණ භූමියට මුදාහැරීම මඟින් චුන්නාකම් අවට පළාත්වල තිස්පන් දහසක් දෙනාට ජලය සපයන ළිං දූෂණය වී ඇති බව අනාවරණය වී ඇත.

චුන්නාකම් හි විදුලි බලාගාරය පිහිටා ඇති ප‍්‍රදේශයේ සිට කිලෝමීටර් 5ක දුරින් පිහිටි ඒලාලෙයි හා කට්ටුවාන් වැනි ප‍්‍රදේශවල ළිංවලට පවා තෙල් මිශ‍්‍ර වී ඇතිබව දැනට සොයාගෙන තිබේ. චුන්නාකම් හි තෙල්ලිපලෙයි හා ඉනුවිල් ප‍්‍රදේශවල ළිං ජලය මේ වනවිටත් දැවිතෙල් කාන්දුවෙන් විනාශ වී තිබීමට අමතරව කොකුවිල්, සුදුමලේ සහ තාවඩි පළාත්වල ජලයත් හානියට පත්වනු ඇති බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us