බස් හා දුම්රිය ස්ථාන 33කට නොමිලේ Wi-Fi

Published in පුවත්
Wednesday, 03 June 2015 10:58

ප්‍රධාන බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථාන 33ක් සදහා මේ වන විට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත.

කොළඹ, ගම්පහ, මාතර, පොළොන්නරුව, යාපනය, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය, ඇතුලු නගර වල මෙම වයිෆයි පහසුකම් ස්ථාපිත කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA)සඳහන් කරයි.

පොදු ප්‍රවාහන සේවාවන් සදහා ජනතාව වැඩි වශයෙන් යොමු වන අවධියක මගී ජනතාවට මෙය මහත් වාසියක් බව නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පැවසීය.

මේ වන විට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙන පොදු ස්ථාන ගණන 105කි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දීම නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර දකුණු ආසියාතික රටවල් අතරින් මෙවැනි පහසුකමක් ජනතාවට ලබා දෙන ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වේ.

ජාතියේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියෙහි දිසා දක්වන්නා වූ ශ්‍රී ලංකාවේ එකම මුදුන් ආයතනය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයයි. සම්පූර්ණ රාජ්‍ය ආයතනයක් වන ICTA ඉ-ශ්‍රී ලංකා මෙහෙය ක්‍රියාත්මක කිරීමේ සංවිධානය ලෙස ක්‍රියා කරයි.a

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us