පාර්ලිමේන්තුව විසුරුවන්න-කතානායකගෙන් යෝජනාවක්

Published in පුවත්
Wednesday, 03 June 2015 11:22

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නැඟිට ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස නම් තමාද එය යෝජනා කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අද රැස්වුණු පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ප්‍රතිචාර දැක්වීමේදී සභාවේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බව වාර්තාවේ.

එම අවස්ථාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මෙම පාර්ලිමේන්තුව මතභේදාකාරී තත්ත්වයක් තුළ පවත්වාගෙන යාමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හා එක්සත් ජාතික පක්ෂයේ තමන් එය විසුරුවා හරින ලෙස නිරන්තරයෙන් ඉල්ලා සිටින බවයි.

එයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු පිරිසක් සභාවෙන් නැගී සිටියහ.

කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේම්ජයන්ත්, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංස යන මන්ත්‍රීවරු නැගිටිමෙන් වැළකී සිටියහ.

එහිදී කථානායක චමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මන්ත්‍රීවරුන් අසුනෙන් නැඟිට ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස නම් තමාද එයම යෝජනා කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us