තාජුඩීන්ගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

Published in පුවත්
Thursday, 04 June 2015 14:01

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දුරකථන දත්ත පිළිබදව සොයාබැලීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දී ඇත.

තාජුඩීන්ගේ මරණය සිදුව ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් මේවන විට ආරම්භ කර ඇති බව එහි නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ අනූව ඔහුගේ දුරකථනයට ලැබුණු හා ගත් ඇමතුම් සම්බන්ධයෙන් සොයාබැලීමට අවශ්‍ය බැවින් එහි දත්ත වාර්තාවක් ලබාදෙන ලෙසට අදාළ පෞද්ගලික දුරකථන සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි ද රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

එම ඉල්ලීමට ඇහුම්කන් දුන් අධිකරණය දුරකථන දත්ත වාර්තාවක් ලබාදෙන්නැයි එකී සමාගමට නියෝගයක් නිකුත් කළේය.

ලබන ජූලි මස 02 වැනිදා නඩුව යළි කැඳවීමට ද නි‍යෝග කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දන්වන ලෙසද නියම කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us