මාධ්‍යවේදීන්ගේ ජීවිත සමෘද්ධිමත් කරනවා-ගයන්ත(audio)

Published in පුවත්
Thursday, 04 June 2015 15:48

මාධ්‍යවේදීන්ට ලබාදීමට නියමිත තීරු බදු රහිත යතුරුපැදි සඳුදා (8) සිට ඉල්ලුම්කිරීමට හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


ඒ සඳහා පනවා තිබූ ඇතැම් කොන්දේසි ලිහිල් කළ බවද අමාත්‍යවරයා අද (04) පැවසුවේය.

වලංගු රියදුරු බලපතක් තිබීම අත්‍යවශ්‍ය යැයි තිබූ කොන්දේසිය ඉවත් කළ බවත් ඉල්ලුම්පත් පිළිබඳ සියලු තොරතුරු මෙවර සති අන්ත පුවත්පත්වල පළ කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

හෝමාගම දියගම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමේ මාධ්‍යවේදීන් සඳහා නිවාස 1500ක් පමණ කඩිනමින් සාදා නිමකරන බවත් ඒ සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේදී මාධ්‍යවේදීන් වෙනුවෙන් තවත් සුබසාධන වැඩපිළිවෙලක් සූදානම් කර ඇති බවත් කල්තියා ඒ ගැන පවසනවාට වඩා සියල්ල සැළසුම් කර අවසන්වූ පසු ඒ පිළිබදව නුදුරු දිනකදීම දැනුම් දෙන බවත් පැවසුවේය.

මෙරට ජනතාව පසුගිය ජනවාරි 8දා කැළෑ නීතිය පළවා හැරිය බවත් ඇතැමුන් රටේ සංවර්ධනය නතර වී ඇති බවට චෝදනා එල්ල කළද සංවර්ධනය නතර නැති බවත් නතරවී ඇත්තේ සංවර්ධනය මුවාවෙන් සිදු කළ සාක්කු සංවර්ධනය හා පවුල් සංවර්ධනය බවත් පැවසුවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/gayantha2015-06-04-105029{/soundcloud}

Last modified on Thursday, 04 June 2015 16:00

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us