ආනයනික අර්තාපල් සහ ලූනු සඳහා වන බදු පහළට.

Published in පුවත්
Friday, 05 June 2015 19:26

දේශීය වෙළෙඳ පොළේ අර්තාපල් සහ ලූනු මිල ඉහළ යාම හේතුවෙන් පාර්භෝගියන් පත් වූ අපහසුතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත දැනුම් දී ඇත. මේ ගැන සලකා බැලූ මුදල් අමාත්‍යවරයා දේශීය ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ ආනයනික අර්තාපල් සහ ලූනු වෙනුවෙන් වැඩි කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහා අඩු කර පාර්භෝගිකයා වෙනුවෙන් සහන ලබා දීමට තීරණය කර ඇත.

මේ වන විට වෙළෙඳ පොළ වෙත ලැබෙමින් පවතින දේශීය අර්තාපල් සහ ලොකු ලූනු සැපයුම අඩු වෙමින් පැවතීම හේතුවෙන් දේශීය වෙළෙඳ පොළේ මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් අපහසුතාවට පත් වීම වැලැක්වීම සඳහා ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ.

ඒ අනුව අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් ආනයනය කිරීමේ දී අය කළ රුපියල් 55 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 30 දක්වා ද, ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් ආනයනය කිරීමේ දී අය කළ රුපියල් 30 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 දක්වා ද පහළ දැමේ.

දේශීය ආර්තාපල් සහ ලොකු ලූනු ගොවීන්ට සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි වන පරිදි අස්වනු නෙළන සමයේ දී එනම් 2015 අප්‍රේල් මාස 23 ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා බදු ඉහළ දැමීමට කටයුතු කෙරිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us