විශ්වාසභංගය ගැන පුළුවන් නම් ඡන්දය විමසන්න

Published in පුවත්
Saturday, 06 June 2015 08:22

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කර හැකි නම් ඡන්ද විමසුමක්‌ සිදු කර පෙන්වන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයට අභියෝග කර සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු සභාපති ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.

මෙවැනි විශ්වාසභංග ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ අවතාර දැන් උත්සාහ ගන්නේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඔහුට පාවාදීමට බව හෙතෙම කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඊයේ (05 දා) කථානායකවරයාට භාර දෙන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳ අදහස්‌ දක්‌වමින් මේ බව පැවැසූ ජයවික්‍රම පෙරේරා මහතා මෙවැනි විශ්වාස භංග කිහිපයක්‌ පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර තිබෙන බවද කීවේය.

ප්‍රසිද්ධිය ලබා ගැනීමට මෙවැනි විශ්වාසභංග ඉදිරිපත් කළත් ඒ සම්බන්ධව ඡන්ද විමසුමකට ඒමට මහින්ද පාර්ශ්වයේ කණ්‌ඩායම බිය වී සිටින බවද හෙතෙම වැඩිදුරටත් කීය.

- දිවයින

Last modified on Saturday, 06 June 2015 08:31

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us