අපට බලයේ එල්ලී සිටිමට අවශ්‍ය නෑ, ආණ්ඩුව විසුරුවන්න

Published in පුවත්
Saturday, 06 June 2015 08:38

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය භාර දීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණ්‍යකට යෑම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් බලයේ රැඳී සිටීමට වත්මන් රජයට අවශ්‍යතාවක් නැතැයි පැවසූ අධිකරණ අමාත්‍යවරයා මේ මාසය ඇතුළත ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුවට ස්ථිර බව සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිව තිබූ බවත් මේ වන විට එය ආසන 112ක් දක්වා පහත වැටී ඇති බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

විශ්වාසභංග යෝජනාවට අස්සන් 112 ක් පමණක් ඇතුළත් වීම තුළින් තහවුරු වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට දැන් පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිව තිබීම බව ද අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන් බවත් එයට සන්ධාන මන්ත්‍රීවරුන් 112ක් අස්සන් කළ බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබිණි. එය සිකුරාදා පස්වරුව වන විටම කථානායක චමල් රාජපක්ෂ මහතාට භාර දීමට කටයුතු යොදා තිබුණු බව සන්ධාන ප්‍රකාශකයෙක් කීය.

- සිළුමිණ

Last modified on Saturday, 06 June 2015 09:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us