පොලිසියට විශ්වවිද්‍යාලයක්

Published in පුවත්
Saturday, 06 June 2015 09:50

පොලිස් විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දුන් බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි. පොලිස්පතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඊයේ (05) පැවති උත්සවයකදීය.

පොලිස් විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් 45 දෙනෙකුට සහතික ප‍්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණි. අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුව අදාළ පොලිස් විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම සඳහා දැනටමත් අධ්‍යයන සිදුකරමින් සිටින බව පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, නන්දන මුණසිංහ මහත්වරු ද, පොලිස් පුහුණු කිරීම් කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා ද එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us