කුමන්ත්‍රණ නොකර, හැකිනම් ඡන්දයකින් ආණ්ඩුවක් පිහි‍ටුවන්න - රනිල්ගෙන් අභියෝගයක්

Published in පුවත්
Monday, 08 June 2015 07:06

මහ මැතිවරණයකට පැමිණ ඉන් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඊයේ (7) අභියෝග කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යාමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව කී අගමැතිවරයා නැවතත් ජයග්‍රහණය කිරීමට නොහැකි බව දන්නා විපක්ෂයේ පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳ බියෙන් සිටිනා බව ද කීය.

මහාචාර්ය ජී.එල්.පිරිස්, බන්ධුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්, ජනවරමකින් අගමැති ධුරයට පත් තමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන විත් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සහ දරන බව කී අගමැති වික්‍රමසිංහ මහතා තමා අගමැති ධුරයෙන් යා යුතුදැයි තීරණය කළ යුත්තේ මහජනතාව බවත් එවැනි තීන්දුවක් ලැබුණොත් ජනමතය පිළිගෙන විපක්ෂයේ අසුන් ගැනීමට තමා සුදානම් බවත් කීය.

ගල්ගමුව ළමා ක්‍රිඩාංගණයේ ඊයේ (7) පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවක දී අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනතාව විසින් ප්‍රතික්ශේප වූ සන්ධානයට කැරකෙන දොරින් එකතු වු ජි.එල්. සහ බන්ධුල ගුණවර්ධන මහත්වරුන් තමා අගමැති ධුරයෙන් ඉවත් කරන්නේ කෙසේදැයි විමසා සිටි අගමැතිවරයා ඉදිරි දොරෙන් පැමිණි තමා කවදා හෝ දේශපාලනයෙන් පිට වී යන්නේ ද ඉදිරි දොරෙන් බව කීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා මහවැලි ගඟෙන් ජලය ලබා දීමට පියවර ගන්නා බව ද අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න වැඩි දියුණු කිරීම තුළින් ගොවියාගේ ආර්ථිකය දියුණු කර එමගින් රටේ ආර්ථිකය ද නඟා සිටුවීමට කටයුතු කරන බව ද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඉදිරි අවුරුදු පහ තුළ දී විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි කර්මාන්ත ශාලා බිහි කරන බව පැවැසු අගමැති වික්‍රමසිංහ මහතා එහි පළමු පියවර වශයෙන් කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රථම කර්මාන්ත ශාලාව ඉදි කරන බවත් එය කුමන කර්මාන්තයකට අදාළව ඉදි කරන්නේ ද යන්න ඉදිරියේ දී දැන ගැනීමට හැකි වනු ඇතැයි ද කීය. ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතනවලට ගමේ පාරවල් සෑදීම සඳහා මුදල් ලබා දෙන බව ප්‍රකාශ කළ අගමැතිවරයා ඒ මගින් මුදල් හරි හම්බ කිරීමට උත්සහ නොකළ යුතු යැයි පළාත් පාලන නියෝජිතයන්ට අනතුරු හැඟවීය.

ගල්ගමුව ප්‍රදේශයේ පවතින වල් අලි ප්‍රශ්නයට විසඳම් ලබා දෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා ඊට පෙර ඉදිරි මහ මතිවරණ‍යේ දී පාර්ලිමේන්තුවේ සිටින අලි සංඛ්‍යාව වැඩි කළ යුතු බව පැවැසීය.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප මැති ඇමැතිවරුන්, වයඹ පළාතේ ආණ්ඩුකාර අමරා පියසිලි රත්නායක මහත්මිය, ගල්ගමුව එජාප ආසන සංවිධායක මොහාන් පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

dinamina

Last modified on Monday, 08 June 2015 07:25

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us