අල්ලස් කොමිසමේ වැඩත් රාජපක්ෂ හොරුන්ගේ වාසියට ?

Published in පුවත්
Monday, 08 June 2015 06:58

අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසමේ සභාපතිවරයා එම කොමිසමේ කටයුතු අඩපණ කරන අයුරින් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ ඔහුට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටින්නේ අල්ලස් කොමිසමේ සාමාජිකයකු ඉල්ලා අස්වීම එහි කටයුතු අඩපණ කිරීමේ අරමුණෙන් සිදුකළ එකක් විය හැකි වූවත් මේ වනවිටත් එම කොමිසමේ කටයුතු හොඳින් කරගෙන යන බව අනාවරණය වී ඇත.

එහෙත් කොමිසමේ සභාපතිවරයා සහ සෙසු සාමාජිකයන් දෙදෙනා විමර්ශන අවසන් වූ පැමිණිලිවලට නඩු පැවරීම සඳහා අනුමැතිය ලබාදිය යුතු වේ. තවද අලුතින් විභාග කිරීමට කොමිසමට ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා ද කොමිසමේ සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍ය වේ.

කොමිසමේ සභාපතිවරයා සහ සෙසු සාමාජිකයන් ඒ සඳහා නොසැලකිලිමත්භාවයක් පෙන්වන්නේ නම් ඒ හරහා කොමිසමේ කටයුතු අඩපණ කිරීම ඔවුන්ගේ අරමුණ විය හැකි බවද මෙහිදී රජයේ අවධානයට යොමුව තිබේ.

කොමිසමේ සභාපතිවරයාට සහ සෙසු සාමාජිකයන්ට එම තනතුරු වෙනුවෙන් මාසික වැටුප සහ ඊට අදාළ වෙනත් දීමනා ද සහිතව රුපියල් ලක්ෂයක පමණ වැටුපක් මසකට ලබාදෙයි. එවැනි වැටුප් ද ලබා ගනිමින් තමන්ගේ වගකීම හරි හැටි ඉෂ්ට නොකිරීම ඔවුන් විසින් රජයට සිදුකරන විශාල හානියකි. පසුගිය කාලයේ අල්ලස් කොමිසමට හිටපු මැති ඇමැතිවරුන් 21ක් සම්බන්ධයෙන් ලැබී තිබූ අල්ලස් හෝ දූෂණ වංචා වත්කම් පැමිණිලි විභාග නොකර යට ගසා ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත.

 

dinamina

Last modified on Monday, 08 June 2015 07:06

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us