කැබිනට් අනුමැතිය ලැබුණේ රනිල්ගේ ක්‍රමයටයි.

Published in පුවත්
Monday, 08 June 2015 22:32

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් ව තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ කෙ‍ටුම්පත් යෝජනා කිහිපයක් අතරින් අද දින කැබිනට් අනුමැතිය ලැබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට බව දැන ගැනීමට තිබේ.

මුළින් කෙරුණු යෝජනාව අනුව කේවල හා සමානුපාතික ක්‍රමයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 255ක් යෝජනා වුවත් අගමැතිවරයා ඉදිරිපත් කෙරුණු ක්‍රමය අනුව ඒ පවත්නා පරිදී මන්ත්‍රීවරු 225කට සීමා වී පවතී. කේවල ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 125ක් සමානුපාතික ක්‍රමයෙන් මන්ත්‍රීවරු 75ක් හා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 25 වශයෙන් එම යෝජනාවේ සදහන්ව ඇත.

එමෙන්ම මෙම කැබිනට් මණ්ඩල සාකච්ඡාවට සහභාගී වූ නීති කෙ‍ටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජිතයාට දින 4ක් ඇතුලත නව ක්‍රමය කෙ‍ටුම්පත් කරන ලෙසද ඇමැති මණ්ඩලය විසින් දන්වා තිබේ.

කෙසේ නමුත් ඉදිරි මහ මැතිවරණය පැරණි ක්‍රමයේ යටතේ පැවැත්වීමටත් ඉන් පසුව සෑම මැතිවරණයක්ම නව ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැන්වීමටත් මෙහිදී එකඟතාවයකට පැමිණ ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us