ටෙලි නාට්‍ය විකාශයට කප්පම් සහ ලිංගික අල්ලස් ඉල්ලූ කල්ලියට එරෙහිව පැමිණිලි 4 ක්‌

Published in පුවත්
Wednesday, 10 June 2015 09:58

පසුගිය කාලයේ නිපදවූ ටෙලි නාට්‍ය රූපවාහිනියේ විකාශය කිරීම සඳහා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් කප්පම් සහ නවක නිළියන්ගෙන් ලිංගික අල්ලස්‌ ලබාගත් සංවිධානාත්මක කල්ලිය කට එරෙහිව පැමිණිලි හතරක්‌ දැනටමත් පොලිස්‌ විමර්ශන කණ්‌ඩායම්වලට ලැබී ඇතැයි පශු සම්පත් ඇමැති ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා ඊයේ (9) පවසයි.

තමන්ට ලැබෙන තොරතුරු අනුව මෙම කප්පම් කල්ලියට මුහුණදුන් තවත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරු මෙන්ම නිළියන් කීපදෙනකුම ඉදිරි දින කීපය තුළ දිවුරුම් පෙත්සමක්‌ භාරදීමට ක්‍රියාකරගෙන යන බව ඔහු කීවේය.

ඇතැම් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් කප්පම් මුදල් දීමට ඉදිරිපත් වූ නිසා කප්පම් නොදුන් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් හා නිෂ්පාදකවරුන් අසරණ වී ඇති බවද ඔහු පවසයි.

මෙම කප්පම් කල්ලියට කොටු වූ සියලුම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ට මෙන්ම නිෂ්පාදකවරුන්ට ජනමාධ්‍ය අමාත්‍යාංශයට ද පැමිණිලි කළ හැකි බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

දිවයින

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us