ඩයස්පෝරා සැණකෙළියක් මංගල සංවිධානය කරයි

Published in පුවත්
Thursday, 11 June 2015 08:01

මෙම වසර අවසානයේදී සියලූම ශ්‍රීලාංකිය ඩයස්‍පෝරා සංවිධාන මෙරටට ගෙන්වා ඩයස්‍පෝරා සැණකෙළියක් පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනී කොලොන්නේ මහත්මිය ප්‍රකාශ කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

විදේශයන්හි ක්‍රියාත්මක වන ඩයස්‍පෝරා සංවිධානවල සාමාජිකයන් හා මෙරට ජනතාව අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම ඩයස්‍පෝරා සැණකෙළිය පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා බලා‍පොරොත්තු වන බවට කොලොන්නේ මහත්මිය සඳහන් කළාය.

දෙමළ ඩයස්පෝරා ඇතුලුව ලොව පුරා ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලාංකික ඩයස්පෝරා කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වන බවත් ඔවුන්ගෙන් රටේ සංවර්ධනයට අවශ්‍ය සහය ලබා ගන්නා බවත් ඇය මෙහිදී පැවැසුවාය.

මේ වන විටත් තහනම් සංවිධාන ලෙස නම් කර ඇති ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන කිහිපයක්ම මෙම ඩයස්‍පෝරා සැණකෙළියට එක්වීමට සූදානමින් පසුවන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ සංවිධාන කිහිපයක්ම ඊයේ දිනයේදීම මේ සම්බන්ධව උනන්දු වන බවට සමාජ ජාලවල ප්‍රවෘත්ති පළ කර තිබිණි.

කෙසේ වෙතත් මෙරට තුළ සංහිඳියාව ඇති කරමින් ජනතාවගේ හදවත්වල ඇති ජාතිවාදී අදහස් ඉවත් කිරීමේ අරමුණෙන් මෙම සැණකෙළිය සංවිධානය කරන බව මහිෂිනී කොලොන්නේ මහත්මිය මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us