රනිල් මට විශ්වාසයි. ඔහු ප්‍රඥාවන්තයෙක් - මර්වින්

Published in පුවත්
Thursday, 11 June 2015 07:41

බුද්ධිමත් නායකයකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට තමන් කිසිදු සහායක් නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අස්ගිරි මහනාහිමියන් හමුවෙහි පැවසුවේය.

නිරහංකාර අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රඥාවට සරිලන ප්‍රඥාවක් ඇති අගමැතිවරයකු එතුමාට හමුවී තිබෙන බවත් විශ්වාසභංගයට තමන් අත්සන් නොකළ බවත් ඒ මහතා කීය. අගමැතිවරයාට විශ්වාසභංගයක් ගෙනඒම කිසිසේත් අනුමත කළ ‍නොහැකි බව තමන් වහන්සේද ප්‍රකාශ කළ බව අස්ගිරි මහ නාහිමියෝ පැවසූහ.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ සුදු වෑන්සංස්කෘතියේ ගොදුරක් බවට තම ගෝලයන් සිව් දෙනකුද පත්වූ බවත් හිටපු ජනපතිවරයාට කතාකර ඔවුන් බේරා ගැනීමට හැකි වූ බවත් පැවසූ මර්වින් සිල්වා මහතා එතුමන් දන්න කෙනෙක් මේ සුදු වෑන් සංස්කෘතිය මෙහෙය වූ බව ඉන් පැහැදිලි වූ බව ද කීය.

ලෝකයේ ගොඩක් මිනීමරුවන් මස් නොකෑ අය බවත් හිට්ලර් මෙන්ම ගෝඨාභය රාජපක්ෂද මස් නොකෑ අය බවත් හෙතෙම පැවසුවේය.

පෞද්ගලික න්‍යායපත්‍ර ‍නොමැති තමන් කිසිවකු ඉදිරියේ දණින් නොවැටෙන බවද ඒ මහතා කීය.

 

dinamina

Last modified on Thursday, 11 June 2015 08:01

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us