වෙන්ඩ මස්සිනාට ගුවන් හමුදාපතිකම දෙන්ඩෝ...ව්‍යාපාරිකයෙක් මෛත්‍රී ළඟ වැටේ.. Featured

Published in පුවත්
Thursday, 11 June 2015 21:03

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක මහතා ලබන ජුනි 16 වන දින සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩුවන ගුවන් හමුදාපති තනතුර සඳහා කිහිප දෙනෙකු අතර තරගයක් නිර්මාණය වී තිබේ.

මේ සඳහා සුදුසුකම් සැපිරවූවන් අතරින් එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල හා එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති ප්‍රමුඛ තරග කරුවන් දෙදෙනා වී සිටී.

ගගන් බුලත්සිංහල සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පැවැතියත් ඒ සියල්ලට වඩා ඔහුගේ සුදුසුකම්වලට වැඩි ඉඩක් ලැබීම කෙරෙහි විවාහ මංගල්‍යයක් හේතු වී ඇති බව වාර්තාවේ.

ගගන් බුලත්සිංහල මහතාගේ පුත්‍රරත්නයක් නුදුරේ යුග දිවි ආරම්බ කිරීමට සූදානමින් සිටින්නේ  සුපිරි වෙළඳසල්, ගෑස් හා තවත් ව්‍යාපාර ගනනාවකටම සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයකුගේ දෝනිඇන්දා සමඟය.

මෙම ව්‍යාපාරිකයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා සමීප ව්‍යාපාරික මිතුරකු වන අතර මේ වන විට ගගන්ට ගුවන් හමුදාපති තනතුර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට කරුණු කාරණා පහදා දෙමින් සිටින බවත් වාර්තාවේ. මංගල්‍යයට කලින් තමන්ගෙ වෙන්ඩ මස්සිනා ගුවන් හමුදාපති බව කියන්නට ඔහුට ආසාවක් ඇතිවීම මෙයට හේතු වී තිබේ. .

Last modified on Friday, 12 June 2015 07:39

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us