දෙමළ ඩයස්‌පෝරා සමුළුවක්‌ පැවැත්වීම නීති විරෝධියි - පාඨලී

Published in පුවත්
Friday, 12 June 2015 07:44

ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11 වැනිදා) පැවසීය.

දෙමළ ඩයස්‌පෝරා සංවිධාන මෙරටට ගෙන්වා සමුළුවක්‌ පැවැත්වීමට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශය රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන රැසක්‌ තහනම් කරමින් පසුගිය කාලයේ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළ බවද, එසේ තහනම් කළ සංවිධාන සමග සාකච්ඡා කිරීමෙන් සිදුවන්නේ රට තුළ යළි ත්‍රස්‌තවාදයට උඩගෙඩි දීමක්‌ බවද ඇමැතිවරයා කීවේය.

මැතිවරණය ඉලක්‌ක කරගෙන ඇතැම් පාර්ශ්ව දෙමළ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් මෙවැනි පිළිවෙත් අනුගමනය කරන බවද, එසේ කිරීමෙන් සිදුවන්නේ රට ත්‍රස්‌තවාදයකට හා අන්තවාදයකට දෙසට තල්ලු වීමක්‌ බවද පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

තහනම් කළ සංවිධාන සමග සාකච්ඡා කිරීමට හෝ සමුළු පැවැත්වීමට රාජ්‍ය මට්‌ටමින් කතිකාවතක්‌ ඇති වී නැති බව කී ඇමැතිවරයා එසේ කිරීමට ජනවාරි අට වැනිදා ජනතාව ජනවරමක්‌ ලබාදී නැතැයි ද පැවසීය.

විදේශ අමාත්‍යාංශය රටේ නීතියට අනුකූලව කටයුතු කළ යුතු බවද, තහනම් කළ හෝ නොකළ රාජ්‍ය නොවන සංවිධාන මෙරටට පැමිණෙන්නේ නම් ශ්‍රී ලංකාව ඒකීය රටක්‌ වශයෙන් පිළිගෙන පැමිණිය යුතු බවද පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේ ඊයේ (11 වැනිදා) පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික හෙළ උරුම මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය

Last modified on Friday, 12 June 2015 07:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us