මහින්ද පට්ටපල් බොරුකාරයෙක්. බලයේ ඉන්නකම් කළේත් බොරුවමයි.

Published in පුවත්
Sunday, 14 June 2015 16:39

එක්සත් ජාතික පක්ෂතයේ මහලේකම් කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනය

පසුගිය ජනවාරි 08 වන දා දේශයේ ප්‍රගතිශීලී ජනතාව සිදු කළ දැවැන්ත විප්ලවය නිසා ජනාධිපති පුටුවෙන් බිමට ඇද වැටුණු මහින්ද රාජපක්ෂහ මහතා, දැන් නැවත නැවත අසත්‍ය හා මිත්‍යාව වපුරවමින් මේ රටේ ජාතීන් අතර වෛරය හා සැකය පැතිරවීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි.

එරෙහිව නැගෙන චෝදනා කිසිවකට පිළිතුරු දීමට නොහැකි නිසා පරාජිත ජනාධිපති රාජපක්ෂක මහතා කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුවට අබුත චෝදනා එල්ල කරමින් ලාබ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට වෙහෙසීමයි. පන්සල් හා පිට්ටනි ගාණේ පවත්වන මාධ්‍ය සංදර්ශන මගින් අගමැති ෆැන්ටසියේ තාවකාලික වින්දනය ලබා ගැනීමයි.

තමන්ගේ දූෂණ, වංචා හා මගඩි වසා ගැනීම සඳහා දැන් එතුමා කොටි මන්තරය යළි ජප කිරීම අරඹා තිබේ. පසුගියදා මාතර රැළියේ ප්‍රකාශිත පණිවිඩය මගින් පරාජිත ජනාධිපති රාජපක්ෂ් මහතා කියන්නේ කොටි නැවතත් හිස ඔසවමින් සිටින බවයි. ත්‍රස්තවාදය පරාජයට පත්කළ විරෝදාර හමුදාව හෑල්ලූවට හා අවතක්සේරුවට පත් කරමින්, එතුමා පවසන්නේ වත්මන් ආණ්ඩුව මේ වන විට උතුරේ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර, කොටින්ට හිස එසැවීමේ අවකාශ ලබා දී ඇති බවය.
මල් වට්ටි හිස තබාගෙන පන්සලක් පන්සලක් ගානේ යන සමහර උපාසකලා පන්සිල් පද පහම කඩති. පළමුවත් රට, දෙවනුවත් රට, තුන්වෙනුවත් රට කියමින් පපුවට ගසාගන්නා ජාතිමාමකලා තම වාසිය වෙනුවෙන් රටම විකුණති. මතු දැක්වෙන කරණු අනුව, පරාජිත ජනාධිපති රාජපක්ෂා මහතා ගැනෙනුයේ කවර ගණයටදැයි තීරණය කිරීමට මේ රටේ ජනතාවට හැකිය.

පාරාජිත ජනාධිපති රාජපක්ෂක මහතා උත්සාහ කරන්නේ වත්මන් ආණ්ඩුව විසින් උතුරේ කඳවුරු 59 ක් ඉවත් කර ඇති බවට චෝදනා නැගීමටය. කරුණාකර දැන්වත් මේ ප්‍රෝඩාවෙන් අත්මිදෙන ලෙස අප රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නෙමු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ වත්මන් ආණ්ඩුව හෝ එකදු කඳවුරක්වත් ඉවත් කර නැත.

කඳවුරු 59 ම ඉවත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ය. එපමණක් නොව, හමුදාව උතුරේ අත්පත් කර ගෙන තිබූ ඉඩම් අක්කර එකොළොස් දහසෙන් පන්දහසක්ම නිදහස් කර ඇත්තේද මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේය. වත්මන් ආණ්ඩු සමයේ යුධ හමුදාවේ එකඟත්වය මත නිදහස් කළ ඉඩම් ප්‍රමාණය අක්කර දහසක් පමණි. ඊටත් අමතරව, 2014 නොවැම්බර මාසයේ මහින්ද රාජපක්ෂ මහතා සාම්පූර් හමුදා කඳවුරු ඉවත් කිරීමට ද නියෝග නිකුත් කළේය.

වත්මන් ආණ්ඩුව යටතේ උතුරේ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර ඇත්නම්, ඒ කඳවුරු කවරේද කියා නම් කරන ලෙස අපි පරාජිත ජනාධිපති රාජපක්ෂර මහතාට අභියෝග කරමු. කලින් අප මතු කළ බොහෝ කරුණු වලට මෙන්ම මේ අභියෝගයට ද පිළිතුරු දෙන්නට ඔහුට නොහැකිය.
රටේ තැන තැන මහජන මුදලින් ඉදි කෙරුණු ජනාධිපති මාළිගා සම්බන්ධව පිළිතුරු පරාජිත ජනාධිපති රාජපක්ෂ මහතා සතුව නොමැත. මහා මාර්ග ඉදි කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් බිලියන 55 ක ණය මුදලින් බිලියන 28 ක් අනවසර වියදම් සඳහා යෙදවූ අයුරු ගැන හේතු දක්වන්නට ඔහු අසමත්ය. ඔහු සහ පවුලේ අය පාවිච්චි කළ රජයේ වාහන සංඛ්‍යාව පිළිබඳව හෝ ඒවායේ වටිනාකම පිළිබඃදව තොරතුරු අදටත් අභිරහසකි.

අරලියගහ මන්දිරයේ ඇති දැඩි කළ එතුමාගේ බල්ලන්ට පවා කෑම දී තිබෙන්නේ ආණ්ඩුවේ සල්ලි වලිනි. මන්දිරයෙන් ලබා දෙන දෛනික කෑම වලට අමතරව, ඒ බල්ලන්ට පිට කෑම ලබා දීම සඳහා මාසයකට රුපියල් ලක්ෂම ගණනක් මුදලක් වැය කර තිබේ. එතුමා සහ පවුලේ අය සිදු කළ වංචා දූෂණ හා ජාවාරම් පිළිබඳ හෙළි නොවුණු තව තව තොරතුරු බොහෝය. පවුලේ ව්‍යාපාර සඳහා රාජ්‍ය සම්පත් හා මුදල් අමු අමුවේ යොදා ගැනීම ගැන පමණක් නොව, පවුලේ ව්‍යාපාර සඳහා ලබා ගත් නීති විරෝධී බදු සහන පිළිබඳවද තවත් කරුණු නොබෝ දිනකින් හෙළි වනු ඇත. මේ සියල්ල, මැතිවරණ ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා චීනයෙන් ගෙන්වා ගත් රුපියල් කෝටි ගණනක බඩු මුට්ටු ලැයිස්තුවට අමතරවය.

පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ ඉන්නා තාක් කල් කළේ ද බොරු කියමින් ජනතාව රැවටීම ය. පරාජයෙන් පසුව ද කරන්නේ බොරු කියමින් ජනතාව රැවටීම ය. මේ රටේ ජනතාව ජනවාරි 08 වන දා මෙවැනි බොරු කාරයින්ට පළමු පාඩම ඉගැන්වූහ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව ඔවුනට අවසාන පාඩම ද උගන්වනු ඇත.


2015ජූනි 14

Last modified on Sunday, 14 June 2015 16:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us