මහින්ද ඝාතන ප්‍රයත්නය: පරීක්ෂණ නිමයි. නීතිපති නිහඬයි

Published in පුවත්
Sunday, 14 June 2015 16:50

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි 5 ක මුදලකට ආධාර අනුබල හා රැකවරණ ලබාදීමේ චෝදනාව පිළිබදව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ පරීක්ෂණ කටයුතු නිම කර අදාල වාර්තාව නීතිපතිවරයා වෙත භාර දී ඇති බව වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය තරම් සාක්ෂි තිබෙන බවය. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව තවමත් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවත් එම ආරංචි මාර්ග පවසයි.

මීට අදාල නීතිපති දෙපාර්තමේන්තුව විසින් අතගසා තිබූ Aඝ්/45/2010 දරන ලිපිගොනුව මේ දක්වා වසර 6 ක් තිස්සේ යටපත්ව පැවතියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් පැවති ආණ්ඩුවට එක්වීම හේතුවෙනි.

එම සිද්ධිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලීසිය විසින් මුල්වරට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත්තේ 2009 වසරේ ජනවාරියේදීය. භ්/7465/01/2009 පැමිණිල්ලට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ඝාතනයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු නතර වී සිට ඇත්තේද ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේය.

කොටි සංවිධානයේ බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කබීල් අම්මාන්ගේ උපදෙස් මත සිවරාජා සුභා ක්‍රිෂ්නන්, තවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රශාන් නැමැති මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් තිදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහයෝගයෙන් විදේශයක පදිංචි රාජේෂ් නැමැති අයෙකුගේ නියෝගයෙන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව කොළඹ 07, ග්‍රෙගර් පාරේ අංක 16 නැමැති හිටපු ජනාධිපතිවරයා නිතර යනඑන තැනකදී ඝාතනය කිරීමට මෙම සැලසුම සකස් කර තිබුණු බව පැවසේ. යම් හෙයකින් එම උත්සාහය අසාර්ථක වුවහොත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතාවන ජොහාන් ප්‍රනාන්දු සහ රාජපක්ෂ පුත්‍රයින් රගර් පුහුණුවීම සඳහා පැමිණෙන ස්ථානයකදී මෙම පුහුණුවීම් නැරඹීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන අවස්ථාවකදී ඝාතනය කිරීමට විකල්ප සැලසුමක්ද තිබී ඇත.

මෙම සම්පූර්ණ කොන්ත්‍රාත්තුවට කොටි සංවිධානය ජොන්ස්ටන් ප්‍රනාන්දුට රුපියල් කෝටි 5 ක් ගෙවීමට පොරොන්දු වී ඇතැයි පැවසෙන අතර එයින් රුපියල් කෝටියක මුදලක් අත්තිකාරම් වශයෙන් මෙම කොටි බෝම්බකරුවන් රැගෙන යාමට ජොන්ස්ටන් ප්‍රනාන්දු පිටකොටුව බෝගහ අසළට පැමිණි අවස්ථාවේදී ඔහුගේ රථය තුලදී ගෙවා ඇති බවට එකල කරුණු අනාවරණය විය. ඊට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටි බෝම්බකරුවන් හා සිදුකළ දුරකතන සංවාදයත්, විදේශයක සිට මෙම ඝාතන සැලැස්ම මෙහෙයවූ රාජේෂ් නැමැත්තා සමග කළ කතාබහත් පටිගත කිරීමට එකල හමුදා බුද්ධි අංශ සමත් වූ අතර එම කාලවකවානුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම හඬපටය මාධ්‍යට නිකුත් කිරීමට වත්මන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කරන ලදී.

එවක එජාපයේ මන්ත්‍රීවරයෙකුව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එකතු කරගනු ලැබුවේද මෙම ලිපි ගොනුව පෙන්වා ඔහුව බියට පත් කිරීමෙන් බව බොහෝ මාධ්‍ය එවකට වාර්තා කළේය. ඉන්පසු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාවේ සිටිමින් දේශපාලනය කළ බවට සාක්ෂි දීම සඳහා යුද්ධාධිකරණය ඉදිරියට ජොන්ස්ටන් ප්‍රනාන්දු පැමිණෙන ලද්දේද මෙම සුප්‍රකට ලිපිගොනුව හේතුවෙන් බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us