දෙමළ තරුණයන් 35ක් පැහැරගෙන මරාදැමූ නාවිකයන්ටත් තවම නඩු නෑ.

Published in පුවත්
Sunday, 14 June 2015 17:20

කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව ප්‍රදේශයන් වලින් දෙමළ තරුණයින් 35 ක් පැහැර ගෙන ගොස් ඔවුන්ව නිදහස් කිරිම සදහා මුදල් ලබා ගෙන පසුව ඝාතනය කළ යැයි චෝදනා ලැබ සිටින නාවික හමුදා නිලධාරින් 14 දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පාරීකෂණ කටයුතු මේ වන විට අවසන් ව ඇති නමුත්

ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රිය මාර්ග ගැනීම තව දුරටත් ප්‍රමාදවෙමින් පැවතීම විමතියට කරුණක් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ වන විට ඊට අදාල පරීක්ෂණ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.


එම දෙමළ තරුණයින් පැහැර ගැනිම, කප්පම් මුදල් ලබා ගැනිම හා පසුව අතුරුදහන් කිරිම් සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩි.කේ.පි. දසනායක ද චෝදනා ලැබ තිබේ.

කපිතාන් ඩි.කේ.පි. දසනායකට අමතරව තවත් නාවික හමුදාවෙ නිලධාරින් තිදෙනෙක් හා ඔවුන්ගේ අණදිම මත ක්‍රියාත්මකවු සෙසු නිලයන්හි නිලධාරින් 14 දෙනෙක් සම්බන්ධයෙන් රහස් පොලිසිය කරුණු සොයා ගෙන ඇත.


2008-2009 කාල සීමාවෙදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ තිබි සොයා ගත් හිස නොමැති පුද්ගල මල සිරුරු 4 ක් හා දිවයිනේ නොයෙකුත් ස්ථාන වලින් සොයා ගත් අපරාධකරුවන් නොමැති ඝාතනය කර දමා ගොස් තිබු පුද්ගලයින්ගේ ඝාතනයන් මෙම නාවික හමුදාවෙ කණ්ඩායම විසින් සිදු කර ඇතැ.

රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය සුදු වැන් භීෂණයේම කොටසක් ලෙස මෙම ක්‍රියාවලියද සිදුව ඇතැයි පැවැසේ. වත් පොහොසත් කම් ඇති පවුල් වල තරුණයන් මෙලෙස පැහැර ගෙන යාමට ලක්ව තිබූ අතර ඒ සමයේදී ව්‍යාපාරිකයන් ‍රැසක්ද මෙලෙස පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සිදුව තිබිණි.

පැහැර ගන්නා තරුණයින් පාතාල ක්‍රියාවන්ට, ත්‍රස්තවාදි ක්‍රියාවන්ට හෝ මත්කුඩු ජාවාරමට උදව් කර ඇති බවත් ඔවුන් නිදහස් කිරිමට මුදල් අවශ්‍ය බව එම තරුණයින්ගේ පවුල් වලට දන්වා පසුව මුදල් ලබා ගෙන ඔවුන්ව ඝාතනය කර තැන් තැන්වල දමා යෑම මෙම කණ්ඩායමෙ පිරිස් සිදු කර ඇති අතර, ඔවුන් එලෙස සිදු කර තිබෙන්නේ එම ඝාතකයන් පාතාල කණ්ඩායම් අතර ගැටුමක් නිසා සිදුවුවක් බව පෙන්වා පරික්ෂණ නොමග යැවීමට ගත් උත්සහයක් බව රහස් පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

විවිධ පොලිස් ස්ථාන වෙතට තරුණයින්ගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් ලද පැමිණිලි සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් 2010 වසරේදි සිය විමර්ශන කටයුතු ආරම්බ කරනු ලැබුවද දේශපාලන අධිකාරියේ බලපෑම මත ඒ අත්හි‍ටුවන ලදී.

එක් තරුණයෙක් නිදහස් කිරිම සදහා මෙම කණ්ඩායම රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා අතර මුදල් ලබා ගෙන ඇත. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික අධි සහයක ලෙස කටයුතු කල "නේවි සමිපත්" නැමැත්තෙක්ද මෙම කණ්ඩායමෙ ඉදිරි පෙල අණ දෙන්නෙකු මෙන් කටයුතු කර ඇතැයි වාර්ථා වෙයි.

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ යුධ හමුදාවට සහය පල වන ආකාරයේ ප්‍රවෘත්ති පල කරන මාධ්‍යවේදින් 7 දෙනෙක් පැහැර ගැනිමට සැලසුම් සකස් කල බවට චෝදනා එල්ල වුයේද මෙම නේවි සමිපත්ට වන අතර, ඔහු එලෙස සැලසුම් සකස් කරමින් සිට ඇත්තේ නාවික හමුදාවේ ප්‍රධානියාගේ උපදෙස් මත බවටද පසුව හෙලි විය.

Last modified on Sunday, 14 June 2015 17:27

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us