'මර්ස්' මෙරටට අැතුළුවීම වැළැක්වීමට පියවර

Published in පුවත්
Monday, 15 June 2015 12:34

දකුණු කොරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින මර්ස් කොරෝසා වෛරසය (MERS COV.) මෙරටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

මෙහි එක් පියවරක් ලෙස හෙට (16) දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලුම ගුවන්යානාවල සිටින මගීන් කටුනායක ගුවන්තොටුපොළේ ඇති සෞඛ්‍ය ඒකකයේදී පූර්ව පරීක්ෂාවකට ලක්කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

දකුණු කොරියාවේ මෙන්ම මැදපෙරිදිග සිට පැමිණෙන සියලුමදෙනා ගුවන්තොටුපළ සෞඛ්‍ය ඒකකයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය එම ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම රෝගය දකුණු කොරියාව තුල සීඝ්‍රයෙන් වෙයි.

මෙම රෝගයෙන් සිදුවු ප්‍රථම මරණය වාර්තාවුයේ 2102 දී සෞදි ආරාබියේදීය. මෙම රෝගය කොරෝනා ඝනයේ වෛරසක් ආසාදනය විමෙන් වැළදේ. තද උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව රෝග ලක්ෂණ ලෙස හඳුනානෙ ඇත. වෛරසය නිව්මෝනියාවට උත්තේජකයක් වන අතර වකුගඩු ආසාදනය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව මර්ස් වැළදුනු අයගෙන් ආසන්න වශයෙන් සියයට 36 ක් මියයයි. මර්ස් මර්ධනය කිරීමට මෙතෙක් විශේෂ ප්‍රතිකාරයක් හෝ එන්නතක් හෝ නැත.
රෝගීන් සමග සමීප සබඳතා පවත්වාගෙන යාමෙන් අන් අයට බෝවීම සිදුවේ. මෙම රෝගයෙන් බේරීම සඳහා කොරියාවේ බොහෝ ප්‍රදේශවල මහජනතාව මුඛ වැස්මක් භාවිතයට පුරුදුව සිටිති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us