විදුලිය ලබාදීම 100%න් සපුරනවා-ඔක්තෝම්බර් සිට නව විදුලි අය ක්‍රමයක්

Published in පුවත්
Monday, 15 June 2015 13:12

විදුලි කප්පාදුව පිළිබදව කිසිදු අදහසක් නැති බවත් ඔක්තොබර් මස සිට නව විදුලි අය ක්‍රමයක් ඇති කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඉන්පසු ලංකා විදුලි බලමණ්ඩලයේ ඉලක්කයක් වන රටපුරා විදුලිය බලය ලබාදීම 100% කින් සපුරා ගත හැකි බව අමාත්‍යවරයා ඊයේ (14දා) බොරුල්ල උපාධීධාරී කාන්තා සංගම් ශාලාවේ පැවති උත්සවයකදී සඳහන් කළේය.

පසුගිය පාලන සමයේ ඩිසල් බලාගාර වලින් ඒකකයක් රුපියල් 30ක් වැනි මුදලක් වැය කොට ලබාගත් විදුලි ඒකක වෙනුවට රුපියල් 17කට විදුලි ඒකකයක් ලබාගැනීමට උතුරු ජනනි බලාගාරයෙන් හැකි වී අැති බවත් ඔහු සදහන් කළේය.

40% ක් රටපුරා බෙදාහරිණු ලැබු විදුලිය අද වන විට 90% මට්ටම තෙක් පැමිණ තිබෙන බව ඔහු පවසයි. මේ වන විට රටේ ජනගහණයෙන් 64000 පමණ ප්‍රමාණයක් තමන්ට අයිති නැති නිවාස වල ජීවත් වන බවත් එවැනි සමාජ ප්‍රශ්ණ තිබුණද ඔක්තෝබර් මස සිට අරඹන නව විදුලි ක්‍රමය මගින් සෑම දෙනාටම විදුලිය ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසුවේය.

අද වන විට විදුලි බලමණඩලය මූල්‍යමය ලෙස ස්වාධීනත්වයට පත්ව අැති බවත් මේ වන විට සාර්ථක ලෙස ලාභ ඉපැයීමක් සිදු කර තිබෙන බවත් ඔහු පැවසුවේය.

පසුගිය පාලන සමයේ වසරකට මිලියන 3600ත් ලබා දී ඩීසල් බලාගාර පවත්වාගෙන බවත් මෙවැනි අතිවිශාල මුදල් පරිහරණය නිසා ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පිරිසක් බිහි වූ බවත් ඔහු කීවේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.

' දේශපාලන පක්ෂවල අතකොළු බවට පත් නොවන ස්වාධීන වෘත්තීය සමිතියක් ලංකා විදුලි බලමණ්ඩලයට අවශ්‍යව තිබුණා. මේ වසරේ සිට ඉන්ධන සදහා මුලිකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.තෙල් ගල් අගුරු ගෑස් විදේශ රටවලින් ගෙන්වනනේ. එයට ලබන මස සිට ටෙන්ඩර් කැදවනවා. මන්නාරම් ධ්‍රෝණියේ ගෑස් සම්පත උකහා ගෙන ලංකාවේ භාවිතයට ගැනීමට උත්සාහ කරනවා'

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us