මැතිවරණයට පෙර ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා පිහිටුවන්න

Published in පුවත්
Monday, 15 June 2015 13:40

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවකින් තොරව මැතිවරණයකට යාමට අවශ්‍යතාව ඇත්තේ දේශපාලන වාසි ලබන පිරිසකට මිස මේ රටේ ජනතාවට නොවන බව කැෆේ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය පවසන්නේ ස්වාධීන මැතිවරණ, පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභා පිහිටුවීමෙන් තොරව මහා මැතිවරණයක් පැවැත්වීම තවත් අන්ත දූෂිත, ප්‍රචණ්ඩ මැතිවරණයක් දෝතින් වැළඳ ගැනීමක් බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළින් ස්ථාපනය කිරීමට යෝජිත මැතිවරණ, පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභා නොමැතිව මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ දුෂණ සදහා කප් ගැසූ කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට උත්සහ දරමින් සිටීව බව එම සංවිධානය සදහන් කර සිටි.

සාමාජිකයින් පත් කිරීම වලක්වා ගැනීම තුලින් ව්‍යවස්ථා සභාව ස්ථාපනය කිරීම වලක්වා ගැනීමට උත්සහ කිරීම එහි එක් පියවරක් බවත් සදහන් කරයි. විපක්ෂයේ 19 බංකොළොත් කිරීමේ කණ්ඩායම මේ වන විට ඒ සදහා උර දී සිටීන බව ද එම නිවේනදයේ සදහන් කර තිබේ.

මහා මැතිවරණයක් පැවැත්වීමට පෙර ව්‍යවස්ථා සභාව ස්ථාපනය කොට හැකි ඉක්මනින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමටත් රාජ්‍ය සේවා හා පොලිස් කොමිෂන් සභාවන්ට සාමාජිකයින් පත් කිරීමත් ජනතා අපේක්ෂාව වූ බව කැෆේ සංවිධානයේ විශ්වාසයයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us