පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැත්තේ රනිල්ව මට්‍ටු කරන්න

Published in පුවත්
Monday, 15 June 2015 14:30

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොරොන්දු පත්‍රයක් ලෙස ඉදිරිපත් කරනු ලැබූ දින සියයේ වැඩ පිළිවෙල යටතේ පසුගිය අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වුවත් මේ දක්වා ඒ සිදු නොකරන්නේ එජාපය නායක රනිල් වික්‍රමසිංහ මහතාව මට්‍ටු කිරීමට බව ශ්‍රීලනීප ජේෂ්ඨයෙකු පැවැසීය.

මෙයට හේතු වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්ට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් සෘජුව ක්‍රියාත්මක වීම මඟ හැරීම නිසා බවද ඔහු වැඩිදුරටත් පැවැසීය. රාජපක්ෂ පවුලේ හා එහි හිතවතුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණිවිය හැකි තරම් සාක්ෂි සහිත චෝදනා තිබියදීත් ආණ්ඩුව බරපතල නොවන කරුණු අලලා නීතිය ක්‍රියාත්මක කෙරෙන බව මතු පිටින් පෙන්වූවද එජාපයේ සැලසුම වී ඇත්තේ මහින්ද ලවා ශ්‍රීලනීපය දෙකඩ කර එළඹෙන මහ මැතිවරණයේදී වැඩි බලයක් සහිත ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමය. ඒ අනුව මහින්ද රාජපක්ෂ ගේ ජාතිවාදී ව්‍යාපෘතිය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති සඳහා එජාපය අනියමින් සහය වෙමින් තිබේ.

මේ හේතුවෙන් ජයග්‍රාහි මානසිකත්වයක සිටින එජාපයට වැඩි ජයග්‍රහණයක් අත්පත් කර ගත හැකි මේ කාලය තුල ඊට ඉඩක් ලබා නොදී ශ්‍රී ලනීපය ශක්තිමත් කිරීම සඳහා සිරිසේන මහතා වෙහෙසෙමින් තිබේ. පාර්ලිමේන්තුව විසිරුවා නොහැර ශ්‍රී ලනිපයෙ මන්ත්‍රීවරු රාජපක්ෂගේ ග්‍රහණයෙන් මුදවා ශ්‍රිලනිපය ශක්තිමත් කොට මැතිවරණයකට ගොස් වැඩි බලයක් දින ගැනීම ඔහුගේ අරමුණ වී තිබේ.

කෙසේ නමුත් දූෂිත රාජපක්ෂ පවුලට කිසිදු සමාවක් නොදිමට ජනාධිපතිවරයා දැඩි තීරණයක සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us