සාගර විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

Published in පුවත්
Monday, 15 June 2015 14:38

සාගර විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස තිලක් ධර්මරත්න මහතා පත් කර ඇති අතර ඒ මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

2014 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත මගින් පිහිට වූ සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උප කුලපතිවරයා ලෙස මෙලෙස තිලක් ධර්මරත්න මහතා පත් වී තිබේ.

මාවනැල්ල උඩුවේවල ප්‍රාථමික විද්‍යාලයෙන් හා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තිලක් ධර්මරත්න මහතා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

එංගලන්තයේ සවුත් ඇම්ටන් විශ්වවිද්‍යාලයෙන් සාගර විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් ඒ මහතා ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ ජාතික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද හදාරා තිබේ.

ඔහු ජාතික ජල සම්පත් නියෝජිත ආයතනයේ සාගර විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස වසර 05ක් සේවය කර ඇත.

Last modified on Monday, 15 June 2015 15:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us