වෙබ් මාධ්‍යවේදීන්ගේ ගැටළුවලට කඩිනමින් විසදුම් දෙනවා - අගමැති

Published in පුවත්
Tuesday, 16 June 2015 07:38

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් හා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ(15) සවස අරලිය ගහමැදුරේදි පැවැත්විනි. වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර මෙහිදී මාධ්‍ය සංගමය විසින් ඉදිරිපත් කෙරුණු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දෙන බව අගමැතිවරයා පොරොන්දු වූ අතර ඇතැම් කාරණාවන් සඳහා විසදුම් යෝජනා කරන ලෙස සංගමය වෙත දැන්වීය.

වෘත්තීය වෙබ් මාධයවේදීන්ගේ සංගමය අගමැතිවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බවට පෙර කළ ඉල්ලීමක ප්‍රතිපළයක් ලෙස මෙම සාකච්ඡාව සඳහා ඊයේ දිනයේදී ඇරයුම් ලැබිණි.

අනෙකුත් වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ලබා දෙන සියලු පහසුකම් විද්‍යුත් පුවත්පත් හී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ටද ලබා දීම සිදුකරන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වඩා පුළුල් සාකච්ඡාවක් සිදු කළ හැකි බවද අගමැතිවරයා ප්‍රකාශ කළ අතර වෙබ් අඩවි ලියපදිංචිය හා අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ඉදිරියේදී සියලුම ජනමාධ්‍යයන් වෙනුවෙන් එකම නීතිමය රාමුවක් යතතේ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය. එළඹෙන මැතිවරණයෙන් පසුව බිහිවන නව ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කෙරෙන බවත් එහිදී ජනමාධ්‍ය නිදහස පුළුල් කෙරෙන යෝජනා අඩංගු වනු ඇති බවත් එහිදි වර්තමානයේ පවතින ගැටලු ‍රැසකටද පිළිතුරු ලැබෙනු ඇති බවත් පැවැසීය.

එසේම පසුගිය ආණ්ඩු සමයේදී වෙබ් මාධ්‍යවේදින්ට වූ හිරිහර බාධා සම්බන්ධයෙන් විමර්ශනයක් කර එම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට වන්දි පිරිනැමීමක් සිදුකළ හැකිද යන්න සොයා බලන ලෙස මාධ්‍ය සංගමය කළ යෝජනාවට පිලිතුරු දුන් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් වර්තාවක් සකස්කර තමාවෙත භාර දෙන ලෙසද මාධ්‍ය නියෝජිතයන් වෙත දැන්වීය.

Last modified on Tuesday, 16 June 2015 07:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us