විමල්ගේ එතනෝල් ප්‍රශ්නයට රවීගෙන් උත්තරයක්

Published in පුවත්
Tuesday, 16 June 2015 11:56

වත්මන් අාණ්ඩුව මාස 4ට එතනේල් බලපත්‍ර 26 දී අැති බව විමල් වීරවංශ මහතා විසින් පසු ගිය දිනක පවසා අැති බවත් එම අායතන රජයට බදු වශයෙන් මිලියන 3,900 ක් ගෙවන අායතන බැවින් ඔවුන්ට බලපත්‍ර දීම සිදු කළ යුතු දෙයක් මිස අනිසි කටයුත්තක් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

වීරවංශ මහතා දැන් මෙසේ වත්මන් අාණ්ඩුවට චෝදනා කරද්දී පසුගිය රාජපක්ෂ අාණ්ඩුව විසින් එතනේල් බලපත්‍ර 4,000 ක් පමණ නිකුත් කර අැති බව අමාත්‍යවරයා පැවසුවේය.

අානයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මෙම බලපත්‍ර ලබා දීම් දේශපාලනිකව සිදු නොකරන බවත් ඔවුන් මෙම බලපත්‍ර 24 ලබා දී අැත්තේ නීත්‍යානුකූලව බවත් මෙමගින් රජයට විශාල අාදායමක් ලැබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු මෙසේද පැහැදිලි කළේය

'' Disilleries Company එක මේ මාසයේ මිලියන 3,800ක් ගෙව්වා. පෙරිසිල් සමාගම මිලියන 190ක් ගෙව්වා.මට ඉතාම සතුටින් කියන්න පුළුවන්,2014 නොවැම්බර් මාසයේ සුරා බදු වශෙයන් මිලියන 3,200ක් ගෙවා තිබෙනවා, 2015දී මාර්තු මාසයේ මිලියන 9,800කට සුරා බදු ආදායම වැඩි ෙවලා තියෙනවා''

සුරා බදු අාදායම සියයට තුන්සිය ගුණයකින් වැඩිවී අැත්තේ පිරිසිදු අාණ්ඩුවක පිරිසිදු ප්‍රතිඵලයක්,ප්‍රතිලාභයක් ලෙස බව අමාත්‍යවරයා පැවසුවේය.

මේ බලපත්‍ර 24 නවත්වන්න කියනවානම් එය ප්‍රසිද්ධියේ කියන ලෙසත් මේවා පවසන විට එතනෝල් බලපත්‍ර දුන්නාක් බදුව කතා කරන බවත් කීවේය.රේගුව තුළින් කන්ටේනර් 3ක් පැමිණීමට කළ උත්සාහය මේ වන විට නවත්වා අැති බවත් මෙතෙක් දුර මෙම කන්ටේනර් එළියට පැමිණි අාකාරය පිළිබදව තොරතුරු ලැබුණු පසු දැනගැනීමට සලස්වන බවත් පැවසුවේය.මේ අවස්ථාවේ මෙතැන සිටින යම් අයත් මිලියන 350 ක දඩයක් ගෙවා අැති බවත් ඒවා නියම වෙලාවට හෙළිදරව් කරන බවත් ඔහු පැවසුවේය.

වත්මන් අාණ්ඩුවට ඔ්නෑතරම් මුදල් අැති නමුත් පසුගිය අාණුඩුව සිදු කළ සිදු කළ අපරාධ වලට වන්දි ගෙවන්නට සිදු වී අැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us