පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට ස්වයං රැකියා ණය ලබාදීම පුළුල් කෙරේ

Published in පුවත්
Tuesday, 16 June 2015 12:33

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරතව සිට පසුකාලීනව පූර්ණ පුනරුත්ථාපනය ලැබූවන් වෙනුවෙන් 2012 වසරේ දී ආරම්භ වී තිබූ ස්වයං රැකියා ණය ලබා දීමේ වැඩසටහන තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් ලෙස තෝරා ගැණෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරතව සිට මේවන විට පුනරුත්ථාපනය ලැබ සමාජගත කෙරෙනු පුද්ගලයින්ය. ඔවුනගේ ජීවිකාව කර ගෙන යාම වෙනුවෙන් ස්වයං රැකියා සඳහා ණය ප්‍රදානය කිරීම මේ වැඩසටහන යටතේ සිදු කෙරේ.

2,500ක පමණ පිරිසක් මේ යටතේ දැනට ප්‍රතිලාභ ලබා ඇති අතර දැනට ණය අයදුම්පත් 7,000ක් ලැබී අැති බව ද වාර්තා වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට මෙම වැඩපිළිවෙල යටතේ රුපියල් කෝටි 30කට අධික මුදලක් ණය වශයෙන් ප්‍රදානය කර ඇත.

මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගන්නා පිරිස් සංඛ්‍යාව වැඩි කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබේ.

ආරම්භයේ දී ස්වයං රැකියාණය ලබා දීමේ වැඩසටහන සඳහා ලංකා බැංකුව සම්බන්ධ කර ගෙන ඇති අතර මේවන විට මහජන බැංකුව, ලංකාපුත්‍ර බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ කර ගැනීම රජය අපේකෂාවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us