මහින්ද රකින්න වෙනම හමුදාවක් හදයි

Published in පුවත්
Tuesday, 16 June 2015 14:15

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යැයි කියමින් පෞද්ගලික අරක්ෂක අංශයක් ගොඩ නැගීම සඳහා රාජපක්ෂ හිතවාදීන් උත්සහ කරමින් ඇත. මේ සඳහා විදේශගත සංවිධාන හා පුද්ගලයන්ගෙන් ආධාර ලැබෙන බව ද දැන ගැනීමට ඇති අතර මෙය ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශයක් වනු ඇතැයි සඳහන්ය. මේ සඳහා රජයෙ අනුමැතිය ඉල්ලීමටද බලාපොරොත්තුවන බව ද වාර්තාවේ.

රජය හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ගැන තැකීමක් කරන්නේ නැති බව සඳහන් කරමින් මෙම ගොඩ නැගීම සඳහා හේතු දක්වන අතර මෙරටේ වැඩිම ජීවිත තර්ජනයක් ඇත්තේ ද ඔහුට බව මෙම පිරිස පවසති. පසුගියදා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාමයේදී මාධ්‍ය අමතමින් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට 'ජනතා ආරක්ෂක බලකාය'ක් පිහි‍ටු වීමට තීරණය කර ඇති බව සඳහන් කර තිබිණි.

එහෙත් රජය පවසන්නේ හිටපු ජනාධිපතිවරයකුට ලබා දියයුතු ආරක්ෂාව වඩා වැඩි ආරක්ෂාවක් රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන බවය. කෙසේ නමුත් බුද්ධි අංශ වර්තා අනුව මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා දැඩි ජීවිත අවධානමක් සහිත පුද්ගලයකු ලෙස නොසැලකේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us