ලේ වලට වඩා වටිනාකමක් ජලයට ලැබෙනවා-ජනපති

Published in පුවත්
Tuesday, 16 June 2015 14:37

ඉදිරි කාලය තුළ ලේ වලට වඩා වටිනාකමක් ජලයට ලැබෙනු ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජලය සනීපාරක්ෂාව හා ස්වස්ථාව පිළිබඳ දැනුම බෙදාහැරීම වෙනුවෙන් අද(16) අධ්‍යාපන අමාත්‍යංශයේදී සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනි.

ස්වභාවික සම්පත් වල පිහිටීම අතින් ශ්‍රී ලංකාවට වැදගත් ස්ථානයක් හිමිවන බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.වෙනත් රටවලට සාපේක්ෂ ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් වල පිහිටීම අතින් ප්‍රමුඛ වන අාකාරය පිළිබදව ඔහු මෙහිදී අදහස් දැක්වූයේය.

රට අභ්‍යන්තරයේ සිට ගංඟා 103ක් මුහුදට ගලාගෙන යන නමුත් ජල කළමනාකරණය කිරීමේ දුර්වලතා නිසා නියග වැනි තත්ත්වයන්ට මුහුණදීමේදී ගැටලු මතුව ඇති බව කියා සිටියේය.

ලොව සංවර්ධනය වූ රටවල ජලය කළමනාකරණයට ඇත්තේ එක් ආයතනයක් වුවද අපේ රටේ පමණක් ඒ සඳහා ආයතන කිහිපයක්ම ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, නාගරික සංවර්ධන ඇමති රවුෆ් හකීම්, නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද, ආපදා කළමනාකරණ ඇමති ඒ.එච්.එම් ෆවුසි හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us