පොලීසිය හා මාධ්‍යවේදී මාසික හමුවක්

Published in පුවත්
Wednesday, 17 June 2015 15:34

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ නියෝජිතයන් හා පොලිස්පතිතුමා අතර පසුගිය දිනක පැවැති සාකච්ජාවකදි කරන්නට යෙදුන ඉල්ලිමක් පදනම් කරගනිමින් පොලිස්පති එන්.කේ ඉලංගකොන් මහතා ඊයේ සිට එය ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන ඇත.

එනම් මාධ්‍ය සංවිධානවල නියෝජිතයන් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා සමගින් සෑම මසකම විවෘත සාකච්ජාවකට ඉඩකඩ ලබාදෙමිනි.
මෙම හමුව ඊයේ දින (16) පෙ.ව 11 ට පොලිස් මුලස්ථාන පරිශ්‍රයේදි පැවැත්විණි.


මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු විවෘතව සාකච්ඡා කිරිමට ලැබෙන මේ අවස්ථාව ඉතා වැදගත් පියවරයක් සේ දකින බව මෙම සාකච්ඡාවෙන් පසුව එහි ප්‍රතිථල මාධ්‍ය වෙත කෙටියෙන් දක්වමින් පැමිණ සිටි මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ පවසා සිටියහ.

මෙම හමුව පිළිබදව විස්තරාත්මක වාර්ථාවක් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් හෙට දිනයේ නිකුත් කරන බවද එහි සමකැදවුම්කාරිණි දිප්ති අධිකාරි මහත්මිය පවසා සිටියාය.

මෙම සාකච්ජාව සදහා උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය සංවිධානවල නියෝජිතයන්ද සහභාගිවි සිටි අතර විශේෂයන්ම ඔවුන් දැනට මුහුණ දි ඇති මාධ්‍ය නිදහස හා බැදුනු ප්‍රශ්ණ ගණනාවක් පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා විසින් අවධානය යොමුකර තිබුණි.

පැමිණ සිටි මාධ්‍ය නියෝජිතයන් විසින් ප්‍රාදේශිය හා දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි සාකච්ඡා ඇතිකිරිමේ වැදගත්කම ගැනද අවධාරණය කළ අතර ඒ සදහා මුලිකත්වය ප්‍රාදේශිය හා දිස්ත්‍රික් මට්ටමන් මාධ්‍යවේදි සංවිධාන විසින් සිදුකළ යුතු බව මාධ්‍ය ප්‍රකාශක විසින් දන්වා සිටියේය.

පොලිසිය හා මාධ්‍ය සංවිධාන නියෝජි්තයන් අතර අදින් ඇරඹෙන මේ අලුත් වැඩසටහන දෙපිරිසටම ප්‍රයෝජනවත් එකක් වනු ඇති බවට තමා විශ්වාස කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

meepura

Last modified on Wednesday, 17 June 2015 15:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us