ක්ෂණිකා ඒ වැඩේටත් සුදුසුයි ලු

Published in පුවත්
Wednesday, 17 June 2015 16:32

ජිනීවා නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ක්ෂණිකා සෙනෙවිරත්නට එල්ලවී තිබූ චෝදනා සියල්ල පිළිගත නොහැකි බව සනාථවී ඇති නිසා ඇය තායිලන්තයේ තානාපති ලෙස පත් කිරීමට තීරණය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.අද (17) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පවසා තිබේ.

ක්ෂණිකා සෙනෙවිරත්නට විරුද්ධව පැවති චෝදනාව වූයේ ඇයගේ නිත්‍ය නියෝජිත නිල නිවසේ අලුත් වැඩියාව පිළිබදව කොන්ත්‍රාත්තුව LTTE සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකුට භාර දීම‍ට ඇය කටයුතු කළ බවයි. එමෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයා එම සමාගමේ උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට චෝදනා එල්ල විය. මෙම අලුත්වැඩියා කටයුතුවල ගිණුම් පටිපාටිය පවා අක්‍රමවත් බවට චෝදනා එල්ල වී තිබුණි. ඒ පිළිබද පසුගිය රජය සමයේ සිදු කළ විමර්ශන නියමාකාරයෙන් සිදු නොවූ බව මහේෂනී මහත්මිය පැවසුව‍ාය.

පරිපාලන නීති රීති වලට අනුව මෙවැනි විමර්ශනයන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිදු විය යුතු වූවත් එසේ සිදු නොකර එළි දැක්වූ වාර්තාව අනුව සෙනෙවිරත්න මහත්මියට විරුද්ධව මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගිය බව මහේෂනී කොළොන්නේ මහත්මිය පවසයි.

ක්ෂණිකා මහත්මිය තනාපති ධූරයක් සදහා පත් කිරීමට සුදුසුද යන්න තීරණය කිරීම සදහා පැවති විමර්ශනයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද සහාය ඇතිව පවත්වා ඇති අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ගණකාධිකරණ සේවයේ නියුතුව විශ්‍රාමගිය කොමසාරිස් වරයෙක් වන D.H.P එදිරිසිංහ මහතායි.

ඔහුගේ වාර්තාවල නිර්දේශ අනුව මෙම අලුත් වැඩියා කිරීම් වලින් සෑහෙන ප්‍රමාණයක් ක්ෂණිකා සෙනෙවිරත්න මහත්මිය සේවය භාර ගැනීමට පෙර සිට දියත් වූ බව අනාවරණය වී ඇති අතර ඒ පිළිබදව ඇය කිසිඳු දෙයක් නොදන්නා බව පැවසේ.

තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් හා ගෙවීම් පිළිබදව සොයා බැලීමට නොහැකි වූයේ ඇයට පැවරුණු වෙනත් රාජකාරි නිසා බව නිර්දේශ වල දැක්වෙන බව මහේෂනී කොළොන්නේ මහත්මිය සඳහන් කළාය.

මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක් අනුව අනාවරණය කර ඇත්තේද එම කොන්ත්‍රාත්තුව භාරව ක්‍රියා කළ තුරෙයිරාජා LTTE ක්‍රියාකරුවෙකු ලෙස හදුනාගෙන නැති බවයි. එම නිසා එසේ පැවසීම සාධාරණ නොවන ඔවුන් පවසයි .

මෙම පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ උසස් නිලයන් පිළිබද කමිටුව ඉදිරියේ ක්ෂණිකා සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටි ඇති අතර එහිදී කමිටුව තීරණය කර ඇත්තේ ක්ෂණිකා සෙනෙවිරත්න මහත්මිය තායිලන්තයේ තානාපති ලෙස පත් කිරීමට සුදුසු බවටයි.

{soundcloud}https://soundcloud.com/lankadaily/maheshini-kolonnage-1{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us