රාජපක්ෂ අාණ්ඩුවේ දූෂණ අක්‍රමිකතා සඳහා චීන ආධාරත් හේතුවූවා-මංගල

Published in පුවත්
Friday, 19 June 2015 11:14

ඉකුත් රජයට මහාපරිමාණ දූෂණ හා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති බවත්, චීනයෙන් ලැබුණු ආධාරද ඊට ඉවහල්වුණු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජපානයේ විදේශ සංචාරයක නිරත අමාත්‍යවරයා ජපානයේ NHK පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙලෙස පවසන බව විදෙස් පුවත් සේවා උපුටා දක්වයි.

චීනය සමග පවත්නා සබඳතා දුරස්ථ කර ගනිමින් ලෝකයේ සෙසු රටවල් සමග සබඳතා වර්ධනය කරගන්නා බව අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන්කරයි.

‍පසුගිය රජයට මහාපරිමාණ දූෂණ හා අක්‍රමිකතා සදහා චීනයෙන් ලැබුණු ආධාරද ඉවහල්වුණු බවත් සමරවීර මහතා මෙහිදී පෙන්වාදී තිබේ. චීනයේ ආධාර වලින් ඉදිවුණු දැවැන්තම ව්‍යාපෘතිය වූ කොළඹ 'පෝර්ට් සිටි'ව්‍යාපෘතිය වත්මන් රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති අතර මේ දිනවල ඒ පිළිබඳ පුනරීක්ෂණයක් හා විමර්ශනයන් සිදුකෙරෙමින් පවතී.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැඟී සිටි ජපානය, සිවිල් යුද්ධයෙන් පසුව නැඟී සිටින ශ්‍රී ලංකාවට කදිම පාඩමක් උගන්වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us