චමල් අගමැති කරන්න-තිස්ස විතාරණ

Published in පුවත්
Friday, 19 June 2015 10:20

දින සියය වැඩපිළිවෙළට පත්කරගත් අග්‍රාමාත්‍යවරයාගේ කාලය අවසන් බැවින් පාර්ලිමේන්තු ඉදිරි නිල කාලය සඳහා අග්‍රාමාත්‍යවරයා ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතා පත් කරන්නැයි වමේ පක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) බොරැල්ල ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

අධිරාජ්‍යවාදී ගැති එක්සත් ජාතික පක්ෂය සෑමවිටම උත්සාහ කරන්නේ ඇමෙරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන්ගේ වැඩපිළිවෙළවල් රට තුළ ක්‍රියාත්මක කිරීමට බවත් ඒ මහතා පවසා සිටියේය.

අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාව මත 2002 වසරේදී යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ගොස් රට බරපතළ තත්ත්වයකට පත්කළ බවත්, එහෙත් ජනතාව කෙටි කාලයකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යැවූ නිසා එය නිසිලෙස ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවූ බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

අද දවස වනවිට යළිත් එම කටයුතු සිදුකරමින් තිබෙන බවත්, මේනිසා යළිත් රට අගාධයට ඇදවැටීම වළක්වා ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව වැඩිදුරටත් සඳහන් කළේය.

අද

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us