සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල පරීක්ෂාවට

Published in පුවත්
Tuesday, 23 June 2015 11:09

මැගි නුඩ්ල්ස් ඇතුළු වෙළෙඳපොලේ අලෙවි කරන සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල වහාම ක‍්‍රියාත්මක වන පරිදි පරික්ෂාවට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

පසුගිය සතියේ ඉන්දියානු රජය විසින් මැගි නුඩ්ල්ස් එරට භාවිතය අත්හිටුවීමට පියවර ගන්නා ලද්දේ එහි අඩංගුවන රසකාරකවල ඊයම් මට්ටම මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස හා අනාරක්ෂිත මට්ටමකට ඇති බව පරික්ෂණවලින් අනාවරණය කර ගන්නා ලද නිසාය.

මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ශ‍්‍රී ලංකාවේ ආහාර බලධාරියා වශයෙන් මැගි නුඩ්ල්ස් ඇතුළු සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල පරීක්ෂා කිරිමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

ඒ අනුව මේ වනවිටත් මැගි නුඩ්ල්ස් සාම්පල රසායනික පර්යේෂණ සඳහා කාර්මික තාක්ෂණික ආයතනයේ රසායනාගාරය වෙත යවා තිබේ. සෙසු නුඩ්ල්ස් සාම්පල වහාම ලබා ගැනීමට තිරණය කර ඇති අතර, ඒවා ද ඉදිරි දිනවල අදාල පර්යේෂණ සඳහා යැවීමට කටයුතු යොදා ඇත.

කෙසේ වුවද කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාව ලැබීමෙන් පසු එම නිර්දේශ අනුව මිනිස් සිරුරට හානිදායක මට්ටමින් යම් රසායනික ද්‍රව්‍ය එම නුඩ්ල්ස් සාම්පලවල පවතින බව සනාථ වුවහොත් එම නිෂ්පාදන වහාම මෙරට භාවිතය තහනම් කිරිමට කටයුතු යොදන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us