රාජපක්ෂලා මහා මාර්ග ව්‍යාපෘති වෙනුවෙන් ගත් බිලියන 28ක් වෙනත් කටයුතුවලට යොදවලා - රවී

Published in පුවත්
Wednesday, 24 June 2015 15:32

පැවැති ආණ්ඩුව මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කිරීමට බව කියමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 28ක මුදලක් අවභාවිත කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (24) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණ කෙරිණ. මෙම අවස්ථාවට මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිසාද් බදියුදීන් යන මහත්වරු එක්ව සිටියහ.

වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා
විපක්ෂය දිගින් දිගටම ඒගොල්ලන්ගේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. අනවශ්‍ය ණය ගන්නවා කියලා ඒ ගොල්ලෝ අපට චෝදනා කළාට දැන් ඔප්පු වෙලා තියනවා කවුද අනවශ්‍ය විදිහට ණය අරන් තියෙන්නේ කියලා. ඒ ගොල්ලන්ගේ කාලේ රු.බිලියන 834 ක් ණය අරන් තියනවා. අපි මේ සුළුතර ආණ්ඩුවක් විදිහට ලබා ගත්ත ණය ප්‍රමාණය බිලියන 584ක් දක්වා අඩුකර ගෙන තියෙනවා කියන කාරණාව සතුටින් කියන්න කැමතියි. මේ දේවල් මෙහෙම තියෙද්දි පහුගිය ආණ්ඩුවේ අවිධිමත් ණය ගැනිම සම්බන්ධයෙන් ගෙවන්න වෙලා තියෙන්නෙත් අපිටමයි. කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව රු.බිලියන 594ක පමණ වන මහා මාර්ග ව්‍යාපෘති ආරම්භ කරලා අපට බාර දීලා තියෙනවා. මීට අමතරව ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් රු.බිලියන 28ක් මහා මාර්ග වෙනුවෙන් අරගෙන ඒවා වෙනත් කටයුතු වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. මේවා කලින් ආණ්ඩුවේ දුර්වලකම් කියලා ජනතාව අපහසුතාවයට පත් කරන්න අපට බැහැ.

rawi20

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us