FCIDයට එරෙහි පෙත්සමට අවසර

Published in පුවත්
Wednesday, 24 June 2015 15:57

කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස අත් අඩංගුවට ගත්තේ රටේ පිළිගත් නීතිමය තත්ත්වයන් ට අනුකූලව බවත් නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේය.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් කර ඇත්තේ කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, රහස් පොලිසියේ අධ්‍යක්ෂක සහ නීතිපතිවරයා ඇතුළු පිරිසය.

පෙත්සම සම්බන්ධ විරෝධතා ඇත්නම් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය පොලිසියට දැනුම් දුන්නේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් හා රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us