රුද්‍රකුමාර්-වර්ණසිංහ එකම කාසියේ දෙපැත්ත -මංගල(video)

Published in පුවත්
Thursday, 25 June 2015 10:46

සිංහල හා දෙමළ අන්තවාදීන් කවුරුන්ද යන්න මේ අවස්ථාව වනවිට හෙළිදරව් වී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ(24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් රජය විදේශ ප්‍රතිපත්තිය නිවැරදි මාවතකට ගෙන එමින්,යළි ත්‍රස්තවාදය හිස එසවීම වළක්වන තැනට කටයුතු කරමින් ,දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන විට සහ එදා ත්‍රස්තවාදී තුරුළට තල්ලු කර තිබූ දෙමළ විදේශ ගත කණ්ඩායම්,ඩයස්පෝරා කණ්ඩායම් සමග සාකච්ඡා කර යළි නොබෙදුනු එක්සත් ශ්‍රීලංකාවක් වෙනුවෙන් විශ්වාදය දිනා ගැනීමය කටයුතු කරන විට අන්තවාදීන් කලබල වී ඇති බව පැවසුවේය.

මෙතෙක් සිදු වූ පරිදි සිංහල අන්තවාදය දෙමළ අන්තවාදය පෝෂණය කළ අතර දෙමළ අන්තවාදය සිංහල අන්තවාදය පෝෂණය කළ බවත් ඔහු පැවසුවේය.දෙමළ අන්තවාදී සංවිධානයක් වනඔTransnational Government Of Tamil Eelam හි වී. රුද්‍රකුමාර් හා ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන අය අන්තවාදය නම් කාසියේ දෙපැත්ත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

යුද්ධය අවසන්ව ඇති මොහොතක ජාතිවාදය පරාජය කළයුතු යැයි ප්‍රකාශ කළද එවැන්නක් ඔවුන්ගේ හැසිරීම තුළින් නොපෙනෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us